අධි ඉල්ලුම් ප්‍රමාණය
අධි ඉල්ලුම හෙවත් අධි ඉල්ලුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී නිෂ්පාදකයින් වෙළෙඳපොළට සපයන ප්‍රමාණය ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණය යි. කිසියම් මිලක් යටතේ ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපයුම් ප්‍රමාණය අඩු කළ විට අධි ඉල්ලුම් ප්‍රමාණය ගණනය කළ හැක.
