ප්‍රම්‍රඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් 2026.09.22වන දින ශ්‍රී ලංකාව සම්බන්ධ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.
ඒ අනුව,
- දිගු කාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිය CCC+ සිට B- දක්වාත්,
- කෙටි කාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිය C සිට B දක්වාත්,
- දේශීය මුදලින් ලබා ගන්නා දිගු කාලීන ණය ශේණිය CCC+ සිට B- දක්වාත්,
- දේශීය මුදලින් ලබා ගන්නා කෙටි කාලීන ණය ශේණිය C සිට B දක්වාත් ඉහළ නංවා ඇත.
දිගු කාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිය හා දේශීය මුදලින් ලබා ගන්නා දිගු කාලීන ණය ශේණිය ඉදිරි වසර හෝ දෙක තුළ නොවෙනස්ව පවතී යැයි ෆිච් රේටින්ග්ස් ආයතනය අපේක්ෂා කරයි.
මෙලෙස ණය ශේණිගත කිරීම් ඉහළ නැංවීමට පහත කරුණු හේතු වී ඇත.
- සාර්ව ආර්ථික ස්ථාවරත්ව ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ
- රාජ්‍ය ආදායම ඉහළ යෑම.
- විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් වර්ධනය වීම.
