මනි මාකට් ගිණුම සුවිශේෂී ඉතුරුම් ගිණුමක් වන්නේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමක ඇති නම්‍යශීලී බව හා ස්ථාවර ගැන්පතුවක ඇති ඉහළ පොළිය යන දෙක ම එකවර ලැබෙන බැවිනි.
නමත් ස්ථාවර තැන්පතුවකට තරම් ඉහළ පොළියක් මනි මාකට් ගිණුමකට නොලැබුන ද, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොළියක් මනි මාකට් ගිණුමකට ලැබේ.
මනි මාකට් ගිණුමක් සම්බන්ධ පහත සඳහන් දෑ බැංකුවෙන් බැංකුවට වෙනස් බැවින්, ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
මූලික තැන්පතුව
පොළි අනුපාත
මනි මාකට් ගිණුමට අදාළ පොළිය ලබා දෙන අවම ශේෂය
පහත සඳහන් වීඩියෝ නැරඹීමෙන් මනි මාකට් ගිණුමක් සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගත හැක.
