Author name: cmeconomics.lk

අධි සැපයුම් ප්‍රමාණය

අධි සැපයුම හෙවත් අධි සැපයුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී පාරිභෝගිකයන් ඉල්ලුම් කරන ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සපයා ඇති ප්‍රමාණ යි. මෙවැනි තත්ත්වයක දී අතිරික්ත සැපයුමක් හට ගනී  

අධි සැපයුම් ප්‍රමාණය Read More »

අධි ඉල්ලුම් ප්‍රමාණය

අධි ඉල්ලුම හෙවත් අධි ඉල්ලුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී නිෂ්පාදකයින් වෙළෙඳපොළට සපයන ප්‍රමාණය ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණය යි. කිසියම් මිලක් යටතේ ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපයුම් ප්‍රමාණය අඩු කළ විට අධි ඉල්ලුම් ප්‍රමාණය ගණනය කළ හැක.  

අධි ඉල්ලුම් ප්‍රමාණය Read More »

සමතුලිත ප්‍රමාණය

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙස හඳුන්වයි. අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධ කර ගනිමින් ද සමතුලිත ප්‍රමාණය’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක. “අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ”

සමතුලිත ප්‍රමාණය Read More »

සමතුලිත මිල

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන මිල සමතුලිත මිල ලෙස හඳුන්වයි. වෙළෙඳපොළ පැහැයුම් මිල, වෙළෙඳපොළ නිෂ්කාශන මිල, වෙළෙඳපොළ හිස්කරන මිල යනුවෙන් ද ඇතැම් විටෙක සමතුලිත මිල හඳුන්වනු ලබයි. එලෙස හඳුන්වනු ලබන්නේ සැපයුම්කරුවන් සපයන මුළු ප්‍රමාණය ඉල්ලුම්කරුවන් මිලට ගන්නා හෙයින් වෙළෙඳාමට සහභාගී වන සියල්ලන් ම

සමතුලිත මිල Read More »

වෙළෙඳපොළ සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම

තරඟකාරී වෙළෙඳපොළක ඉල්ලුම් හා සැපයුම් බලවේග මත සමතුලිතය තීරණය වන ආකාරය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම 03කි. ඉල්ලුම් හා සැපයුම් ලේඛන ඇසුරෙන් ඉල්ලුම් හා සැපයුම් වක්‍ර ඇසුරෙන් (ප්‍රස්තාර ඇසුරෙන්) ඉල්ලුම් හා සැපයුම් සමීකරණ ඇසුරෙන්

වෙළෙඳපොළ සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම Read More »

වෙළෙඳපොළ සමතුලිතයේ දී ඉටුවිය යුතු කොන්දේසි

අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමාන විය යුතු ය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය විය යුතු ය. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය විය යුතු ය. පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය.

වෙළෙඳපොළ සමතුලිතයේ දී ඉටුවිය යුතු කොන්දේසි Read More »

වෙළෙඳපොළ සමතුලිතය

වෙළෙඳපොළ සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ, තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක අනුකූලවන හෙවත් තුලනය වන අවස්ථාව යි. මෙහි දී අධි සැපයුම් තත්ත්වයක් හෝ අධි ඉල්ලුම් තත්ත්වයක් හෝ ඇති නොවේ. ඉල්ලුම් සැපයුම් බලවේග මගින් සමතුලිතතාවය ඇති කරන යන්ත්‍රණය වන්නේ මිල ක්‍රමය යි.  

වෙළෙඳපොළ සමතුලිතය Read More »

සැපයුම වැඩි වීමට බලපාන සාධක හෙවත් සැපයුම් වක්‍රය දකුණට විතැන් කරන සාධක

ආදේශන භාණ්ඩයක මිල අඩු වීම. බද්ධ සැපයුමක් සහිත භාණ්ඩයක මිල වැඩි වීම. යෙදවුම්වල මිල අඩු වීම. තාක්ෂණය දියුණු වීම. අනාගතයේ භාණ්ඩයේ මිල අඩු වේ යැයි අපේක්ෂා කිරීම. කාර්මික භාණ්ඩයක මිල අනාගතයේ ඉහළ යන්නේ යැයි අපේක්ෂා කිරීම. නිෂ්පාදකයන් සංඛ්‍යාව වැඩි වීම. නිෂ්පාදන සහනාධාර ලබා දීම. බදු ඉවත් කිරීම හෝ අඩු කිරීම. අන්තර්ජාලය හරහා නව වෙළෙඳපොළවල් බිහි

සැපයුම වැඩි වීමට බලපාන සාධක හෙවත් සැපයුම් වක්‍රය දකුණට විතැන් කරන සාධක Read More »

පුළුල් මුදල් සැපයුම (M4)

1999 වර්ෂයේ දී අත්හදා බැලීමේ පදනම මත පුළුල්  මුදල් සැපයුම(M4) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි. M4 පුළුල් සැපයුම සකස් වන්නේ, M2b ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති තැන්පතු හා ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු එකතු කිරීමෙනි. ඒ අනුව, M4 පුළුල් මුදල් සැපයුමට පහත අයිතම ඇතුලත් ය. මහජනයා සතු ව්‍යවහාර මුදල්

පුළුල් මුදල් සැපයුම (M4) Read More »

ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම(M2b)

ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම තවදුරටත් පුළුල් ව නිර්වචනය කිරීමට 1998 වර්ෂයේ දී ඒකාබද්ධ  පුළුල්  මුදල් සැපයුම(M2b) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි. එකාබද්ධ පුළුල් සැපයුම සකස් වන්නේ, M2 පුළුල් මුදල් සැපයුමට අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුවලින් 50%ක් හා විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු තැන්පතු එකතු

ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම(M2b) Read More »

Scroll to Top