Author name: cmeconomics.lk

නිෂ්පාදන සාධක පිළිබඳ හැඳින්වීමක්

සමාජයේ ජීවත්වන මිනිසුන්ට සපුරා ගැනීමට නොහැකි තරම් වූ වුවමනා රාශියක් ඇති බව නොරහසකි. මෙකි වුවමනා සපුරා ගත හැක්කේ භාණ්ඩ හා සේවා මගිනි. එකී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත් හෙවත් නිෂ්පාදන සාධක වශයෙන් හදුනා ගනී. නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ප්‍රභේද 04කි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය මෙකි නිෂ්පාදන සාධකයන්ගෙන් භූමිය සහ ප්‍රාග්ධනය

නිෂ්පාදන සාධක පිළිබඳ හැඳින්වීමක් Read More »

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා

ආවස්ථික පිරිවැයක් හට ගන්නේ නිෂ්පාදනයේ දී  හෝ සැපයීමේ දී  හෝ කරනු ලබන තේරීම හේතුවෙන් අත්හැර දැමීමක් හෙවත් කැප කිරීමක් සිදු වන්නේ නම් පමණි. එවැනි අවස්ථාවක ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී යැයි සැලකේ. නමුත් ආවස්ථික පිරිවැයක් නොපවතින හෙවත් ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා විශේෂ අවස්ථා 3ක් පවතී. නොමිල භාණ්ඩ පැවතීම එක් භාවිතයකට පමණක් යොදා ගන්නා නිෂ්පාදන

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා Read More »

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය

“ආර්ථිකයක් සතු සියලු ම සම්පත් පවතින හොඳ ම තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කර, භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන විට එකී භාණ්ඩ දෙවර්ගයෙන් නිෂ්පාදනය කළ හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කෙරෙන ලක්ෂ්‍ය යා කර අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යි” නිෂ්පාදන ශක්‍යතා පර්යන්තය, නිෂ්පාදන හැකියා මායිම, නිෂ්පාදන ධාරිතා ඉම, විභව නිෂ්පාදන හැකියා සීමාව

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය Read More »

නිෂ්පාදන හැකියා ආදර්ශය

සම්පත් භාවිතය පිළිබඳ ව ආර්ථිකය හමුවේ ඇති තේරීම් සහ එම තේරීම්වල ප්‍රතිවිපාක විග්‍රහ කිරීමට ආර්ථික විද්‍යාඥයින් විසින් ගොඩනංවන ලද සරල ආදර්ශය නිෂ්පාදන හැකියා ආදර්ශය යි. ආදර්ශයක් ගොඩනැංවීමේ මූලික අරමුණ වන්නේ සංකීර්ණ සමාජයේ සිද්ධියක් සරල ව අධ්‍යයනය කිරීම යි. මේ සඳහා සැබෑ ලෝකයේ තත්ත්වය එලෙස ම නොගෙන යම් යම් සිතා ගැනීම් හෙවත් උපකල්පනයන් සිදු කරනු ලබයි. 

නිෂ්පාදන හැකියා ආදර්ශය Read More »

මූලික අවශ්‍යතා (Basic Needs)

ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරා ගත යුතු මූලික ම දෑ මූලික මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වැනි දෑ පෙන්වා දිය හැකි ය. මූලික අවශ්‍යතාවලට අමතර ව පුද්ගලයෙකුට ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, අභිමානය, ගෞරවය වැනි මානසික හෝ සමාජීය අවශ්‍යතා ද ඇත. මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයකි. සීමිත යි කාලයත් සමග වෙනස් නොවේ. 

මූලික අවශ්‍යතා (Basic Needs) Read More »

ආවස්ථික පිරිවැය (Opportunity Cost)

සම්පත්වල පවතින හිඟකම හා විකල්ප භාවිත හැකියාව නිසා එකී සම්පත භාවිතා කොට ඉටුකරගත හැකි හොඳ ම විකල්පය තෝරා ගත යුතු ය… එලෙස තේරීමක් කිරීමේ දී ඒ වෙනුවෙන් කැප කරන ඊලඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම ආවස්ථික පිරිවැය නමින් හඳුන්වයි. නිදසුනක් ලෙස යම් භුමි ප්‍රමාණයක් සලකන්න… මෙය හිඟ සම්පතකි. මෙහි හිමිකරුවාගේ කැමැත්ත පරිදි ඉන් ලබාගත හැකි

ආවස්ථික පිරිවැය (Opportunity Cost) Read More »

ආර්ථික විද්‍යාව විෂය බිහි වීමට හේතුව

බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ මතය “හිඟකම” නැමැති ප්‍රශ්නය නොතිබුනේ නම් ආර්ථික විද්‍යාව යනුවෙන් විෂයක් බිහි නොවෙනු ඇත යන්න යි. ආර්ථික විද්‍යාවට ජනප්‍රිය ම නිර්වචනය ඉදිරිපත් කරන ලයනල් රොබින්ස් තම නිර්වචනය ඉදිරිපත් කරන්නේ ද මෙම මතයේ සිටයි. ඒ අනුව හිඟකමට බලපාන ප්‍රධාන හේතු 2කි. මිනිස් වුවමනා අසීමිත විම. වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා

ආර්ථික විද්‍යාව විෂය බිහි වීමට හේතුව Read More »

ආර්ථිකය

මිනිසුන්ගේ ජීවන තත්ත්වය රඳා පවතින්නේ ඔවුන් සපුරා ගන්නා අවශ්‍යතා හා  වුවමනා ප්‍රමාණය මතයි. මෙකී අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්නේ භාණ්ඩ හා සේවා මගින් වන අතර, ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේ ජනතාව විසිනි. ජනතාව නිෂ්පාදන කාර්යය සඳහා විවිධාකාරයෙන් සංවිධානය වන අතර, මෙකී සංවිධානය වීම් “ආර්ථිකයක්” යනුවෙන් හඳුන්වනු ලබයි.

ආර්ථිකය Read More »

ආර්ථික විද්‍යාව පිළිබඳ හැඳින්වීමක්

ජනතාවගේ ජීවන තත්ත්වය තීරණය වන්නේ, ඔවුනට ඉටුකර ගත හැකි අවශ්‍යතා හා වුවමනා ප්‍රමාණය මතයි. අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගත හැකි වන්නේ භාණ්ඩ හා සේවා මගිනි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට සමාජය සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. අසීමිත වුවමනාවලට සාපේක්ෂ ව සමාජය සතු සම්පත් සීමත වීම ආර්ථිකයක කේන්ද්‍රීය ගැටළුව යි. ආර්ථික විද්‍යාව විෂයේ පදනම මෙකී හිඟකම

ආර්ථික විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් Read More »

Scroll to Top