බාල භාණ්ඩ
පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ බාල භාණ්ඩ වශයෙන් හඳුන්වයි. එනම් ආදායම වැඩිවන විට ඉල්ලුම අඩුවන සහ ආදායම අඩුවන විට ඉල්ලුම වැඩිවන භාණ්ඩ යි. භාණ්ඩයක් බාල භාණ්ඩයක් ද යන්න තීරණය කළ යුත්තේ භාණ්ඩයේ ස්වභාවය මත නොව, පාරිභෝගික ආදායමට සාපේක්ෂ ව ය. එහෙයින් භාණ්ඩයක් සෑම ආදායම් මට්ටමක දී ම බාල භාණ්ඩයක් ලෙස …
