Blog

Your blog category

යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව

යථානුරූපී ආර්ථික විද්‍යාව වාස්තවික ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිඳුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි. උදාහරණයක් වශයෙන් භාණ්ඩයක මිල අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම පෙන්වා දිිය හැක.  අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රමාණාත්මක ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිදුවන්නේ, සිදුවිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි.  එය පුද්ගල ආචාර ධර්මවලට …

යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව Read More »

ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක්

ආර්ථික විද්‍යාවට මෙතෙක් පොදුවේ පිළිගන්නා නිර්වචනයක් ඉදිරිපත් වී නැතත්, කළින් කළට විෂයේ අවධානයට බඳුන් වූ කරුණු මුල් කරගෙන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යා විෂය නිර්වචනය කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි වැදගත් නිර්වචන කිහිපයකි. “ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීම” Adam Smith ( Wealth of Nation-1776) “එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන …

ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක් Read More »

ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම

රාජ්‍ය පාලනයේ දී වැදගත් වේ. සාර්ථක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට ආර්ථික සංසිද්ධි වඩාත් ‌හොඳින් තේරුම් ගැනීමට ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට කාර්යක්ෂම තීරණ ගැනීමට ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිතා කිරීමට වැදගත් වේ පාසල් සිසුන්ට තාර්කික ව සිතා තීරණ ගැනීමට

ආර්ථික විද්‍යාව නිර්වචනය Definition of Economics

කාලයෙන් කාලයට බිහිවන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යාව විවිධාකාරයට නිර්වචනය කර ඇත. නමුත් බොහෝ දෙනා උපුටා දක්වන ජනප්‍රිය ම නිර්චනය ඉදිරිපත් කර ඇත්තේ ලයනල් රොබින්ස් ය. ඔහු හිඟකම මූලික පදනම ලෙස යොදා ගනිමින් පහත ආකාරයට ආර්ථික විද්‍යාව නිර්වචනය කර ඇත. “ආර්ථික විද්‍යාව යනු, විකල්ප භාවිත සහිත හිඟ සම්පත් භාවිත කරමින් මිනිස් වුවමනා සපුරා ගැනීමේ දී, මිනිසුන් …

ආර්ථික විද්‍යාව නිර්වචනය Definition of Economics Read More »

නූතන ආර්ථික විදයාවේ පියා Father of Modern Economics

නූතන ආර්ථික විද්‍යාවේ පියා හෙවත් නූතන ආර්ථික න්‍යායේ නිර්මාතෘ ලෙස හඳුනාගන්නේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ ඇඩම් ස්මිත් ය. නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය සිදු වූයේ ඔහු විසින් 1776 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ජාතීන්ගේ ධනය (Wealth of Nation)  නැමති කෘතියත් සමග යි. 1723 වර්ෂයේ ජුනි 16වන දිින උපත ලද ඔවු 1770 වර්ෂයේ ජුලි 17වන දින …

නූතන ආර්ථික විදයාවේ පියා Father of Modern Economics Read More »

නිෂ්පාදන සාධක පිළිබඳ හැඳින්වීමක්

සමාජයේ ජීවත්වන මිනිසුන්ට සපුරා ගැනීමට නොහැකි තරම් වූ වුවමනා රාශියක් ඇති බව නොරහසකි. මෙකි වුවමනා සපුරා ගත හැක්කේ භාණ්ඩ හා සේවා මගිනි. එකී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත් හෙවත් නිෂ්පාදන සාධක වශයෙන් හදුනා ගනී. නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ප්‍රභේද 04කි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය මෙකි නිෂ්පාදන සාධකයන්ගෙන් භූමිය සහ ප්‍රාග්ධනය …

නිෂ්පාදන සාධක පිළිබඳ හැඳින්වීමක් Read More »

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා

ආවස්ථික පිරිවැයක් හට ගන්නේ නිෂ්පාදනයේ දී  හෝ සැපයීමේ දී  හෝ කරනු ලබන තේරීම හේතුවෙන් අත්හැර දැමීමක් හෙවත් කැප කිරීමක් සිදු වන්නේ නම් පමණි. එවැනි අවස්ථාවක ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී යැයි සැලකේ. නමුත් ආවස්ථික පිරිවැයක් නොපවතින හෙවත් ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා විශේෂ අවස්ථා 3ක් පවතී. නොමිල භාණ්ඩ පැවතීම එක් භාවිතයකට පමණක් යොදා ගන්නා නිෂ්පාදන …

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා Read More »

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය

“ආර්ථිකයක් සතු සියලු ම සම්පත් පවතින හොඳ ම තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කර, භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන විට එකී භාණ්ඩ දෙවර්ගයෙන් නිෂ්පාදනය කළ හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කෙරෙන ලක්ෂ්‍ය යා කර අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යි” නිෂ්පාදන ශක්‍යතා පර්යන්තය, නිෂ්පාදන හැකියා මායිම, නිෂ්පාදන ධාරිතා ඉම, විභව නිෂ්පාදන හැකියා සීමාව …

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය Read More »

නිෂ්පාදන හැකියා ආදර්ශය

සම්පත් භාවිතය පිළිබඳ ව ආර්ථිකය හමුවේ ඇති තේරීම් සහ එම තේරීම්වල ප්‍රතිවිපාක විග්‍රහ කිරීමට ආර්ථික විද්‍යාඥයින් විසින් ගොඩනංවන ලද සරල ආදර්ශය නිෂ්පාදන හැකියා ආදර්ශය යි. ආදර්ශයක් ගොඩනැංවීමේ මූලික අරමුණ වන්නේ සංකීර්ණ සමාජයේ සිද්ධියක් සරල ව අධ්‍යයනය කිරීම යි. මේ සඳහා සැබෑ ලෝකයේ තත්ත්වය එලෙස ම නොගෙන යම් යම් සිතා ගැනීම් හෙවත් උපකල්පනයන් සිදු කරනු ලබයි.  …

නිෂ්පාදන හැකියා ආදර්ශය Read More »

මූලික අවශ්‍යතා (Basic Needs)

ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරා ගත යුතු මූලික ම දෑ මූලික මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වැනි දෑ පෙන්වා දිය හැකි ය. මූලික අවශ්‍යතාවලට අමතර ව පුද්ගලයෙකුට ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, අභිමානය, ගෞරවය වැනි මානසික හෝ සමාජීය අවශ්‍යතා ද ඇත. මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයකි. සීමිත යි කාලයත් සමග වෙනස් නොවේ.  …

මූලික අවශ්‍යතා (Basic Needs) Read More »

Scroll to Top