පිළිනපත්
කොටස්, ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, වාණිජ පත්‍රිකා, සුරැකුම්පත් වැනි මූල්‍ය වත්කම් හැඳින්වීමට පොදුවේ ‘පිළිනපත්’ යන වචනය භාවිතා කරයි.
කොටස්, ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, වාණිජ පත්‍රිකා, සුරැකුම්පත් වැනි මූල්‍ය වත්කම් හැඳින්වීමට පොදුවේ ‘පිළිනපත්’ යන වචනය භාවිතා කරයි.
වර්තමානයේ දී භාවිතා වන මුදල් වර්ග කිහිපයකි. ව්‍යවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් මුදල් ආදේශක විද්‍යුත් මුදල් ඉහත සියල්ලෙන් මුදලේ සියලු කාර්යයන් එක හා සමාන ව ඉටු නොවන බව ද, ද්‍රවශීලතාවේ වෙනස්කම් පවතින බව ද මතක තබා ගත යුතු ය. එක් එක් මුදල් පිළිබඳ තවදුරටත් දැනගැනීමට අදාළ මුදල මත ක්ලික් කරන්න.
කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව පහසුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව ලෙස හඳුන්වයි. ඉහත නිර්වචනයෙහි හුවමාරු මාධ්‍යයක් යන්නට, ගෙවීම් මාධ්‍යයක් හෝ විනිමය මාධ්‍යයක් යන විකල්ප වචන ද භාවිතා කළ හැක. මුදලේ ප්‍රධාන ම කාර්යයක් වන්නේ හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යි. එබැවින් මුදල් අමුතුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලීමට අවශ්‍ය …
මුදල් මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන් 04ක් ඇත. හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. විනිමය(ගෙවීම්) මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යනුවෙන් හඳුන්වන්නේ ද මෙය ම යි. ඉන් අදහස් වන්නේ, භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් හෝ …
මානව ශිෂ්ටාචාරයේ මුල් අවධියේ දී මිනිසුන් තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන් විසින් ම නිපදවා ගැනීමට උත්සුක විය. එලෙස තමාට නිපදවා ගත නොහැකි භාණ්ඩ වෙතොත්, තමා නිපදවූ භාණ්ඩයක් ලබා දී ඒවා තවකෙකුගෙන් ලබා ගනී. නිදසුනක් ලෙස ගොවියෙක් තමාට අවශ්‍ය උදැල්ලක් ලබා ගැනීමට කම්මල්කරුට වී ලබා දීම පෙන්වා දිය හැක. මෙලෙස භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වූ ආර්ථික ක්‍රමයක් භාණ්ඩ හුවමාරු …
හොඳ මුදලක් යනු හුවමාරු මාධ්‍යයක් ලෙස කාර්යක්ෂම ව කටයුතු කිරීම යි. මෙලෙස හුවමාරුව පහසු කිරීමට කාර්යක්ෂම ව කටයුතු කිරීම සඳහා මුදල් සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබිය යුතු ය. පොදු පිළිගැනීම . නීත්‍යනුකූල වලංගුභාවය. කල්පැවැත්ම. සමජාතීය බව. කුඩා කොටස්වලට බෙදිය හැකි වීම. පහසුවෙන් ගෙනයාමට හැකි වීම. පහසුවෙන් හඳුනාගත හැකි වීම. අනුකරණය කළ නොහැකි වීම. වටිනාකම වෙනස් …
මුදලේ ඓතිහාසික පරිනාමයත් සමග ඒ ඒ අවධිවල දී භාවිතා වු මුදල් විවිධ නම්වලින් හඳුන්වන ලදි. පහත දැක්වෙන්නෙ එවැනි මුදල් වර්ග කිහිපයකි. භාණ්ඩ මුදල් පූර්ණ මුදල් නිමිති මුදල් නියෝජිත මුදල් ආඥප්ති මුදල් හුවමාරු මාධ්‍යයක් වශයෙන් මුල් අවධියේ දී රන්, රිදී, ඔලිව්, දුම්කොළ, වයින්, සිගරට්, සම්, ලුණු, මුහුදු බෙල්ලන් වැනි විවිධ භාණ්ඩ වර්ග යොදා ගත් හ. මේවා …
මුදලේ පරිනාමය සාම්ප්‍රදායික ක්‍රමවල සිට වර්තමානය වන විට අතිශය විද්‍යුත් ක්‍රමවේදයන් කරා යොමු වී ඇත. අතීතයේ සිට අද දක්වා මුදලේ පරිනාමය වූ ආකාරය පහත පරිදි අධියරයන්ට බෙදා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි ය. භාණ්ඩ හුවමාරු ක්‍රමය භාණ්ඩ මුදල් ලෝහ මුදල් කඩදාසි මුදල් ප්ලාස්ටික් කඩ්පත් විද්‍යුත් මුදල් අතථ්‍ය මුදල් මුදල් භාවිතා නොවු අවධියේ දී, භාණ්ඩ හා සේවා …
පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ බාල භාණ්ඩ වශයෙන් හඳුන්වයි. එනම් ආදායම වැඩිවන විට ඉල්ලුම අඩුවන සහ ආදායම අඩුවන විට ඉල්ලුම වැඩිවන භාණ්ඩ යි. භාණ්ඩයක් බාල භාණ්ඩයක් ද යන්න තීරණය කළ යුත්තේ භාණ්ඩයේ ස්වභාවය මත නොව, පාරිභෝගික ආදායමට සාපේක්ෂ ව ය. එහෙයින් භාණ්ඩයක් සෑම ආදායම් මට්ටමක දී ම බාල භාණ්ඩයක් ලෙස …
සැපයුම් න්‍යාය යනු, සැපයුම තීරණය කරන ඕනෑ ම සාධකයක් වෙනස් වීමට අනුකූල ව සලකා බලන භාණ්ඩයේ සැපයුම වෙනස් වීම විග්‍රහ කර දැක්වීම යි. සැපයුම යන්න මෙසේ නිර්වචනය කළ හැක. ” සැපයුම යනු යම් නිෂ්චිත කාල පරිච්ඡේදයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළෙහි පැවතිය හැකි විකල්ප මිලයන්හි දී නිෂ්පාදකයන් විසින් සැපයීම කැමති, සැපයීමට හැකියාව ඇති හා සපයනු …