මුදල් සැපයුම
මුදල් සැපයුම යන්නට මූල්‍ය සමස්තය යන වචනය ද භාවිතා කරනු ලබයි. රටක මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරන ව්‍යවහාර මුදල් මහජනයාට මෙන් ම රජයට හා වාණිජ බැංකුවලට ද බෙදී යයි. රටක මුදල් සැපයුම යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දිනකට එරට මහජනතාව සතු මුළු මුදල් තොගයේ ප්‍රමාණය යි. මෙය තොග සංකල්පයකි. වත්කම්වල ද්‍රවශීලතාවය පදනම්කරගෙන මුදල් සැපයුම M0, M1, …
