ආර්ථික අතිරික්තය
තරඟකාරී වෙළෙඳපොළක හුවමාරුවට සහභාගී වන ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපාර්ශ්වය ම සමතුලිත හුවමාරුවෙන් හිමිකරගන්නා වාසිය යි. එනම් සමතුලිත හුවමාරුවෙන් සමස්ත සමාජයට ම අත්වන වාසිය යි. පාරිභෝගික අතිරික්තයේ හා නිෂ්පාදක අතිරික්තයේ එකතුවෙන් ආර්ථික අතිරික්තය සමන්විත වේ.
