Author name: cmeconomics.lk

කොටස්වල ආයෝජනය

අනාගත මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වර්තමානයේ කොටස් මිල දී ගැනීම කොටස්වල කරනු ලබන ආයෝජනය යි. කොටසක් යනුවෙන් අදහස් කරන්නේ සීමිත සමාගමක හිමිකම සමාන කොටස්වලට බෙදූ විට, ඉන් එක් කොටසකි. යම් කොටස් ප්‍රමාණයක් මිල දී ගත් ආයෝජකයෙක්ට තමා මිල දී ගත් කොටස් ප්‍රමාණයේ වටිනාකමට සමාන ප්‍රමාණයකින් සමාගමේ අයිතියක් හිමි වේ.

ආයෝජනය

ආයෝජනය යනුවෙන් අදහස් වන්නේ අනාගතයේ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේ මුදල් යෙදවීම යි. එලෙස මුදල් ඉඩකඩම්, රථවාහන,ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර, රත්‍රන්  යනාදී භෞතික වත්කම්වල ද, කොටස්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ණයකර යනාදී මූල්‍ය වත්කම්වල ද යෙදවිය හැක

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව

1948 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තිය යටතේ “ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව” පළ කරනු ලැබූ අතර, එය 2023 වර්ෂයේ සිට අත්හිටුවන ලදි.  අවසන් මහ බැංකු වාර්ෂික වාර්තාව 2023.04.27 දින 2022 වර්ෂයට අදාළ ව ප්‍රකාශයට පත් කරන ලදි. 1959 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කරනු ලැබූ මහ බැංකු වාර්ෂික වාර්තා වෙත …

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව Read More »

ආර්ථික විද්‍යාව විද්‍යාවක් බව

ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින්, ආර්ථික විද්‍යාව විද්‍යාවක් සේ සලකයි. පහත දැක්වෙන්නේ ආර්ථික න්‍යාය ගොඩනංවන විද්‍යාත්මක ක්‍රමවේදය යි. එයි අධියර 6කි. ගැටලුව හඳුනා ගැනීම ගැටලුව පැහැදිලි කිරීමට ප්‍රයෝජනවත් විචල්‍යය තෝරා ගැනීම උපකල්පන දැක්වීම කල්පිත ඉදිරිපත් කිරීම කල්පිත ඇසුරෙන් පුරෝකථනය කිරීම පුරෝකථනයන්හි නිරවද්‍යතාව මත න්‍යාය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම

ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව

මිනිසුන් සමාජයේ ජීවත්වන ආකාරය විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යයනය කිරීම සිදු වන්නේ සමාජීය විද්‍යාවන් මගින් ය. මිනිසුන් සමාජයේ ජීවත්වන ආකාරය ආර්ථික දෘෂ්ටිකෝණයෙන් අධ්‍යයනය කිරීම සිදු වන්නේ ආර්ථික විද්‍යාව මගිනි.  මේ නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වශයෙන් හඳුන්වයි. ආර්ථික විද්‍යාව සේම දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විෂයයන් ද සමාජීය විද්‍යාවන් ගණයට අයත් වේ. මේ අතරින් ආර්ථික …

ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව Read More »

ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ද

ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව නොවේ. සමාජ විද්‍යාව(Sociology), සමාජ ශාස්ත්‍රයක් හෙවත් සමාජීය විද්‍යාවන්(Social Sciences) යටතට අයත් වන එක් විෂයයකි. ආර්ථික විද්‍යාව(Economics) ද සමාජීය විද්‍යාවන් යටතට අයත් වන තවත් විෂයයකි. එහෙයින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් මිස සමාජ විද්‍යාව නොවේ.  

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේ දී යොදා ගන්නා උපකල්පන

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සරල ව තේරුම් ගත හැකි අයුරින් නිර්මාණය කිරීමට සිතා ගැනීම් හෙවත් උපකල්පන 04ක් භාවිතා කරනු ලබයි. සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර ව පවතී. පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය සාක්ෂාත් වන ලෙස සම්පත් භාවිතා කිරීම. ( සියලු ම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කිරීම) සලකා බලන කාලපරිච්ඡේදය …

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේ දී යොදා ගන්නා උපකල්පන Read More »

මිල ඉල්ලුම් නම්‍යතාව ඇසුරෙන් පුරෝකථනය

මිල ඉල්ලුම් නම්‍යතාව සොයන සූත්‍රයේ විචල්‍යයන් 3ක් හඳුනාගත හැක. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය  මිලෙහි ප්‍රතිශතක වෙනස ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ඉහත විචල්‍යයන් තුනෙන් විචල්‍යයන් දෙකක් දන්නේ නම්, අනෙක් විචල්‍යය ගණනය කළ හැක. ඒ අනුව, නම්‍යතා සංගුණකය හා මිලේ ප්‍රතිශත වෙනස දන්නේ නම්, ප්‍රමාණය කොතරම් ප්‍රතිශතයකින් වෙනස් වනවා ද යන්න පුරෝකථනය කළ හැක. නම්‍යතා සංගුණකය හා ප්‍රමාණයේ …

මිල ඉල්ලුම් නම්‍යතාව ඇසුරෙන් පුරෝකථනය Read More »

මිල ඉල්ලුම් නම්‍යතා තීරක

මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වේ. එසේ භාණ්ඩවල මිල ඉල්ලුම් නම්‍යතා අගය තීරණය වීමට පහත සාධක බලපායි. සලකා බලන භාණ්ඩය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ද සුඛෝපභෝගී භාණ්ඩක් ද යන්න. සලකා බලන භාණ්ඩයට ඇති ආදේශකවල සුලබතාව හා ඒවායේ සමීප බව පාරිභෝගික ආදායමෙන් අදාළ භාණ්ඩයට වැය කරන ප්‍රතිශතය භාණ්ඩයට ඇති විකල්ප භාවිත සංඛ්‍යාව  මිල වෙනස් වී කොතරම් …

මිල ඉල්ලුම් නම්‍යතා තීරක Read More »

මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද

නම්‍යතා සංගුණකය සඳහා ලැබෙන අගය අනුව මිල ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද 05ක් හඳුනාගත හැක. පූර්ණ අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0) අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0ත්, 1ත් අතර) ඒකීය නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1) නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1ත් අපරිමිතයත් අතර) පූර්ණ නම්‍ය මිල ඉල්ලුම් …

මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද Read More »

Scroll to Top