Author name: cmeconomics.lk

පරිභෝජනය

වුවමනා තෘප්තිමක් කරගැනීම සඳහා භාණ්ඩ හා සේවා භාවිතයට ගැනීම පරිභෝජනය යි. පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානය කිරීම ජලය පරිභෝජනය කිරීමකි. ජලයෙන් රෙදි සේදීමේ දී සිදු වන්නේ ජලය පරිභෝජනයකි. ස්ථානයක අසුන් ගැනීමට අසුනක් භාවිතා කිරීමේ දී සිදු වන්නේ. ආසන පරිභෝජනයකි. රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හමුවන්නේ නම්. එය වෛද්‍ය සේවය පරිභෝජනය කිරීමකි.

පරිභෝජනය Read More »

ආර්ථික පද්ධතියක මූලිකාංග

ආර්ථික පද්ධතියක් සංරචක ගණනාවකින් සමන්විත වේ. එකී සංරචක ආර්ථික පද්ධතියක මූලිකාංග හෝ ආර්ථික පද්ධතියක  ආයතනික ලක්ෂණ වශයෙන් හඳුනා ගනී පහත දැක්වෙන්නේ එකී මූලිකාංග යි. කුටුම්භ  ආණ්ඩුව  ව්‍යාපාරික අංශය  කම්කරු සංවිධාන  රාජ්‍ය නොවන සංවිධාන  වෙළඳපොළවල්.  සානුබල  නෛතික ව්‍යුහය  සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සංස්කෘතිය මින් ආර්ථික පද්ධතියක  තීරණ ගැනීම හා සම්බන්ධ විශේෂ පාර්ශව වන්නේ, කුටුම්භ  ආණ්ඩුව  ව්‍යාපාරික

ආර්ථික පද්ධතියක මූලිකාංග Read More »

ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ

ආර්ථික පද්ධතියක් යනු මිනිස් වුවමනාවන්ට සාපේක්ෂ ව සම්පත් සීමිත වීම නිසා හටගන්නා හිඟකම  නැමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට සෑම සමාජයකට ම මුහුණ දීමට සිදු වේ. මෙහි දී සෑම සමාජයක් විසින් ම විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී. කුමණ භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු ද? භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතු

ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ Read More »

“ආර්ථික විද්‍යාව” වචනාර්ථය

“ආර්ථික විද්‍යාව” සහ “ආර්ථිකය” යන සිංහල වචන ඉංග්‍රීසි භාෂාවෙන් පිළිවෙලින් “Economics” සහ “Economy” ලෙස හඳුන්වයි. මෙම ඉංග්‍රීසි වචන දෙක බිහි වී ඇත්තේ පුරාණ ග්‍රීක භාෂාවේ එන “Oikonomos” යන්නෙනි. සත්‍ය වශයෙන් ම මෙම වචනය තුළ වචන දෙකක් පවතී. එනම් “Oikos” හා “Nomos” හෝ “Nemo” යන්න යි. මෙම වචන දෙකෙහි අර්ථය කුටුම්භ කළමණාකරණය යි. මින් පෙන්වා දෙන්නේ

“ආර්ථික විද්‍යාව” වචනාර්ථය Read More »

ආර්ථික විද්‍යාවට ඇති විවේචන

ආර්ථික විද්‍යා විෂය පථය තුළට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය සම්බන්ධ සියලු ම ගැටළු හසුවන නමුත්, මිනිසා සතු ව පවතින සදාචාරය, ආචාර ධර්ම, ධාර්මිකත්වය වැනි උතුම් මානුෂීය උප ලක්ෂණ ඇතුළත් නොවේ. මෙය ආර්ථික විද්‍යා විෂයට ඇති විවේචනය යි.

ආර්ථික විද්‍යාවට ඇති විවේචන Read More »

යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව

යථානුරූපී ආර්ථික විද්‍යාව වාස්තවික ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිඳුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි. උදාහරණයක් වශයෙන් භාණ්ඩයක මිල අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම පෙන්වා දිිය හැක.  අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රමාණාත්මක ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිදුවන්නේ, සිදුවිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි.  එය පුද්ගල ආචාර ධර්මවලට

යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව Read More »

ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක්

ආර්ථික විද්‍යාවට මෙතෙක් පොදුවේ පිළිගන්නා නිර්වචනයක් ඉදිරිපත් වී නැතත්, කළින් කළට විෂයේ අවධානයට බඳුන් වූ කරුණු මුල් කරගෙන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යා විෂය නිර්වචනය කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි වැදගත් නිර්වචන කිහිපයකි. “ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීම” Adam Smith ( Wealth of Nation-1776) “එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන

ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක් Read More »

ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම

රාජ්‍ය පාලනයේ දී වැදගත් වේ. සාර්ථක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට ආර්ථික සංසිද්ධි වඩාත් ‌හොඳින් තේරුම් ගැනීමට ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට කාර්යක්ෂම තීරණ ගැනීමට ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිතා කිරීමට වැදගත් වේ පාසල් සිසුන්ට තාර්කික ව සිතා තීරණ ගැනීමට

ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම Read More »

ආර්ථික විද්‍යාව නිර්වචනය Definition of Economics

කාලයෙන් කාලයට බිහිවන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යාව විවිධාකාරයට නිර්වචනය කර ඇත. නමුත් බොහෝ දෙනා උපුටා දක්වන ජනප්‍රිය ම නිර්චනය ඉදිරිපත් කර ඇත්තේ ලයනල් රොබින්ස් ය. ඔහු හිඟකම මූලික පදනම ලෙස යොදා ගනිමින් පහත ආකාරයට ආර්ථික විද්‍යාව නිර්වචනය කර ඇත. “ආර්ථික විද්‍යාව යනු, විකල්ප භාවිත සහිත හිඟ සම්පත් භාවිත කරමින් මිනිස් වුවමනා සපුරා ගැනීමේ දී, මිනිසුන්

ආර්ථික විද්‍යාව නිර්වචනය Definition of Economics Read More »

නූතන ආර්ථික විදයාවේ පියා Father of Modern Economics

නූතන ආර්ථික විද්‍යාවේ පියා හෙවත් නූතන ආර්ථික න්‍යායේ නිර්මාතෘ ලෙස හඳුනාගන්නේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ ඇඩම් ස්මිත් ය. නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය සිදු වූයේ ඔහු විසින් 1776 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ජාතීන්ගේ ධනය (Wealth of Nation)  නැමති කෘතියත් සමග යි. 1723 වර්ෂයේ ජුනි 16වන දිින උපත ලද ඔවු 1770 වර්ෂයේ ජුලි 17වන දින

නූතන ආර්ථික විදයාවේ පියා Father of Modern Economics Read More »

Scroll to Top