සම්පත්වල පවතින හිඟකම හා විකල්ප භාවිත හැකියාව නිසා එකී සම්පත භාවිතා කොට ඉටුකරගත හැකි හොඳ ම විකල්පය තෝරා ගත යුතු ය…
එලෙස තේරීමක් කිරීමේ දී ඒ වෙනුවෙන් කැප කරන ඊලඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම ආවස්ථික පිරිවැය නමින් හඳුන්වයි.
නිදසුනක් ලෙස යම් භුමි ප්රමාණයක් සලකන්න… මෙය හිඟ සම්පතකි. මෙහි හිමිකරුවාගේ කැමැත්ත පරිදි ඉන් ලබාගත හැකි විකල්ප ප්රයෝජන කිහිපයක් පහත පරිදි පෙළගස්වා ඇත.
- තේ වගා කිරීම
- නිවසක් තැනීම
- කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම
- ක්රීඩා පිටියක් ඉදි කිරීම
ඉහත විකල්ප අතුරෙන් තේ වගා කිරීම තෝරා ගත්තේ නම්, ඒ වෙනුවෙන් කැප කරන හොඳ ම විකල්පය වන්නේ, නිවස යි.
එනම් එම භූමිය තුළ තේ වගා කිරීමේ ආවස්ථික පිරිවැය වන්නේ අහිමි ව යන නිවස යි.
ආවස්ථික පිරිවැය ඇගයීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු
- ආවස්ථික පිරිවැය මූර්ත සංකල්පයි
- ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයකි
- ආවස්ථික පිරිවැයට බාහිර පිරිවැය ද ඇතුළත් වීම
- ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී
