නිෂ්පාදක අතිරික්තය
නිෂ්පාදක අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ, භාණ්ඩයක් අලෙවි කිරීමට නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලත්, සත්‍ය වශයෙන් ම ඔවුනට වෙළෙඳපොළේ දී ලැබෙන මිලත් අතර වෙනස යි. නිෂ්පාදකයා වෙළෙඳපොළට සැපයීමට සැලසුම් කරන ලද එක් එක් භාණ්ඩ ඒකකය වෙනුවෙන් අපේක්ෂා කරන මිල සැපයුම් වක්‍රයෙන් නිරූපණය කරයි. නිෂ්පාදකයන් සත්‍ය වශයෙන් ම ලබන මිල යනු වෙළෙඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග තුළින් තීරණය වන …