Author name: cmeconomics.lk

නම්‍යතාව

නම්‍යතාව යනු ස්වායත්ත විචල්‍යයක ඇති වන වෙනස් වීමකට ප්‍රතිචාර වශයෙන් පරායත්ත විචල්‍යයේ ඇති වන වෙනස් වීමේ තරම හෙවත් සංවේදිතාවය මනිනු ලබන දර්ශකයකි. ශ්‍රිතාත්මක සම්බන්ධතාවයක් දක්නට ලැබෙන ඕනෑ ම අවස්ථාවක ස්වායත්ත විචල්‍යයේ වෙනස් වීම කෙරෙහි පරායත්ත විචල්‍යය දක්වන සංවේදීතාවය ‘නම්‍යතාව’ නැමැති සංකල්පයෙන් මැනිය හැකි ය. ආර්ථික විද්‍යාව විෂය තුළ ද එවැනි ශ්‍රිතාත්මක සම්බන්ධතා බහුල වශයෙන් දැක …

නම්‍යතාව Read More »

නිෂ්පාදක අතිරික්තය

නිෂ්පාදක අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ, භාණ්ඩයක් අලෙවි කිරීමට නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලත්, සත්‍ය වශයෙන් ම ඔවුනට වෙළෙඳපොළේ දී ලැබෙන මිලත් අතර වෙනස යි. නිෂ්පාදකයා වෙළෙඳපොළට සැපයීමට සැලසුම් කරන ලද එක් එක් භාණ්ඩ ඒකකය වෙනුවෙන් අපේක්ෂා කරන මිල සැපයුම් වක්‍රයෙන් නිරූපණය කරයි. නිෂ්පාදකයන් සත්‍ය වශයෙන් ම ලබන මිල යනු වෙළෙඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග තුළින් තීරණය වන …

නිෂ්පාදක අතිරික්තය Read More »

පාරිභෝගික අතිරික්තය

පාරිභෝගික අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ, භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන් ගෙවීමට කැමති මිලත්, සත්‍ය වශයෙන් ම ගෙවන මිලත් අතර වෙනස යි. භාණ්ඩයක් සඳහා එක් එක් ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයන් විසින්  ගෙවීමට කැමති මිලයන් ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය කරයි. පාරිභෝගිකයන් සත්‍ය වශයෙන් ම ගෙවන මිල වන්නේ වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග තුළින් තීරණය වන සමතුලිත මිල යි. පාරිභෝගිකයා …

පාරිභෝගික අතිරික්තය Read More »

අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල

අධි ඉල්ලුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්‍රමාණයක දී නිෂ්පාදනයන් සැපයීමට අපේක්ෂා කරන මිල ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන මිල යි. එනම් සැපයුම් මිලට වඩා වැඩි ඉල්ලුම් මිල යි. කිසියම් ප්‍රමාණයක් යටතේ ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කළ විට අධි ඉල්ලුම් මිල ලැබේ. අධි සැපයුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්‍රමාණයක …

අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල Read More »

අධි සැපයුම් ප්‍රමාණය

අධි සැපයුම හෙවත් අධි සැපයුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී පාරිභෝගිකයන් ඉල්ලුම් කරන ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සපයා ඇති ප්‍රමාණ යි. මෙවැනි තත්ත්වයක දී අතිරික්ත සැපයුමක් හට ගනී  

අධි ඉල්ලුම් ප්‍රමාණය

අධි ඉල්ලුම හෙවත් අධි ඉල්ලුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී නිෂ්පාදකයින් වෙළෙඳපොළට සපයන ප්‍රමාණය ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණය යි. කිසියම් මිලක් යටතේ ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපයුම් ප්‍රමාණය අඩු කළ විට අධි ඉල්ලුම් ප්‍රමාණය ගණනය කළ හැක.  

සමතුලිත ප්‍රමාණය

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙස හඳුන්වයි. අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධ කර ගනිමින් ද සමතුලිත ප්‍රමාණය’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක. “අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ”

සමතුලිත මිල

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන මිල සමතුලිත මිල ලෙස හඳුන්වයි. වෙළෙඳපොළ පැහැයුම් මිල, වෙළෙඳපොළ නිෂ්කාශන මිල, වෙළෙඳපොළ හිස්කරන මිල යනුවෙන් ද ඇතැම් විටෙක සමතුලිත මිල හඳුන්වනු ලබයි. එලෙස හඳුන්වනු ලබන්නේ සැපයුම්කරුවන් සපයන මුළු ප්‍රමාණය ඉල්ලුම්කරුවන් මිලට ගන්නා හෙයින් වෙළෙඳාමට සහභාගී වන සියල්ලන් ම …

සමතුලිත මිල Read More »

වෙළෙඳපොළ සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම

තරඟකාරී වෙළෙඳපොළක ඉල්ලුම් හා සැපයුම් බලවේග මත සමතුලිතය තීරණය වන ආකාරය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම 03කි. ඉල්ලුම් හා සැපයුම් ලේඛන ඇසුරෙන් ඉල්ලුම් හා සැපයුම් වක්‍ර ඇසුරෙන් (ප්‍රස්තාර ඇසුරෙන්) ඉල්ලුම් හා සැපයුම් සමීකරණ ඇසුරෙන්

වෙළෙඳපොළ සමතුලිතයේ දී ඉටුවිය යුතු කොන්දේසි

අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමාන විය යුතු ය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය විය යුතු ය. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය විය යුතු ය. පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය.

Scroll to Top