මූලික අවශ්‍යතා (Basic Needs)
ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරා ගත යුතු මූලික ම දෑ මූලික මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වැනි දෑ පෙන්වා දිය හැකි ය. මූලික අවශ්‍යතාවලට අමතර ව පුද්ගලයෙකුට ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, අභිමානය, ගෞරවය වැනි මානසික හෝ සමාජීය අවශ්‍යතා ද ඇත. මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයකි. සීමිත යි කාලයත් සමග වෙනස් නොවේ. …
