උද්ධමනයෙන් වඩාත් පීඩාවට පත්වන පිරිස් හඳුනා ගැනීමට පෙර පොදු මිල මට්ටම, උද්ධමනය, නාමික ආදායම, මූර්ත ආදායම හා ක්‍රය ශක්තිය යන සංකල්ප අවබෝධ කරගත යුතු ය.
පොදු මිල මට්ටම(සමස්ත මිල මට්ටම / සාමාන්‍ය මිල මට්ටම) යනු සියලුම භාණ්ඩ හා සේවාවල වෙළෙඳපොළ මිල ගණන්වල සාමාන්‍ය අගය යි.
උද්ධමනය යනු පොදු මිල මට්ටම කාලයක් තිස්සේ අඛණ්ඩ ව ඉහළ යාම යි.
නාමික ආදායම(මුදල් ආදායම) යනු වැටුප්, බදු කුලී, පොලී හා ලාභ වශයෙන් පුද්ගලයෙකු උපයන ආදායම යි.
මූර්ත ආදායම යනු නාමික ආදායමෙන් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය යි.
ක්‍රය ශක්තිය(මුදලේ වටිනාකම) යනු මුදල් ඒකකයකට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය යි.
උද්ධමනය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වන පාර්ශව තුනකි.
- ස්ථාවර නාමික ආදායම් උපයන්නන්
- ඉතිරිකරන්නන්
- ණයහිමියන්
ස්ථාවර ආදායම් උපයන්නන් වශයෙන් රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, පෞද්ගලික අංශයේ සේවකයන්, රජයෙන් ලැබෙන ශුභසාධන දීමනා මත යැපෙන්නන් පෙන්වා දිය හැක. උද්ධමන අවස්ථාවක දී ඔවුන්ගේ නාමික ආදායම වැඩි නොවීම නිසා මූර්ත ආදායම පහළ බසී. ඒ අනුව ඔවුන්ගේ ක්‍රය ශක්තිය අඩු වී ඔවුන් පීඩාවට පත් වේ
මිනිසුන් මුදල් ඉතිරිකරන්නේ අනාගතයේ දී වියදම් කිරීමේ අරමුණිනි. උද්ධමනය නිසා එලෙස කරන ඉතුරුම්වල මූර්ත අගය හෙවත් ක්‍රය ශක්තිය පහත වැටේ. එනම් ඉතුරුකරන මුදලින් අද මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය උද්ධමනය සමග අනාගතයේ දී මිලට ගත නොහැක.
ණය හිමියා යනු ණය දෙන තැනැත්තා ය. අවුරුද්දකින් ආපසු ගෙවීමේ පොරෙන්දුව මත අද ඔබ ලක්ෂයක මුදලක් යමෙකුට ණයට දුන්නේ යැයි සිතන්න. උද්ධමනය සමග අද එම මුදලින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය තව අවුරුද්දකින් මිලට ගත නොහැක. මෙවැනි අවස්ථාවක ණය හිමියා වන ඔබට අවාසි සිදු වේ.
