ආවස්ථික පිරිවැය (Opportunity Cost)

සම්පත්වල පවතින හිඟකම හා විකල්ප භාවිත හැකියාව නිසා එකී සම්පත භාවිතා කොට ඉටුකරගත හැකි හොඳ ම විකල්පය තෝරා ගත යුතු ය…

එලෙස තේරීමක් කිරීමේ දී ඒ වෙනුවෙන් කැප කරන ඊලඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම ආවස්ථික පිරිවැය නමින් හඳුන්වයි.

නිදසුනක් ලෙස යම් භුමි ප්‍රමාණයක් සලකන්න… මෙය හිඟ සම්පතකි. මෙහි හිමිකරුවාගේ කැමැත්ත පරිදි ඉන් ලබාගත හැකි විකල්ප ප්‍රයෝජන කිහිපයක් පහත පරිදි පෙළගස්වා ඇත.

  1. තේ වගා කිරීම
  2. නිවසක් තැනීම
  3. කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම
  4. ක්‍රීඩා පිටියක් ඉදි කිරීම

ඉහත විකල්ප අතුරෙන් තේ වගා කිරීම තෝරා ගත්තේ නම්, ඒ වෙනුවෙන් කැප කරන හොඳ ම විකල්පය වන්නේ, නිවස යි.

එනම් එම භූමිය තුළ තේ වගා කිරීමේ ආවස්ථික පිරිවැය වන්නේ අහිමි ව යන නිවස යි.

ආවස්ථික පිරිවැය ඇගයීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු

  1. ආවස්ථික පිරිවැය මූර්ත සංකල්පයි
  2. ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයකි
  3. ආවස්ථික පිරිවැයට බාහිර පිරිවැය ද ඇතුළත් වීම
  4. ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top