ආර්ථික විද්‍යාව විෂය බිහි වීමට හේතුව

බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ මතය “හිඟකම” නැමැති ප්‍රශ්නය නොතිබුනේ නම් ආර්ථික විද්‍යාව යනුවෙන් විෂයක් බිහි නොවෙනු ඇත යන්න යි. ආර්ථික විද්‍යාවට ජනප්‍රිය ම නිර්වචනය ඉදිරිපත් කරන ලයනල් රොබින්ස් තම නිර්වචනය ඉදිරිපත් කරන්නේ ද මෙම මතයේ සිටයි.

ඒ අනුව හිඟකමට බලපාන ප්‍රධාන හේතු 2කි.

  1. මිනිස් වුවමනා අසීමිත විම.
  2. වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සම්පත් සාපේක්ෂ ව සීමිත වීම.

ඒ අනුව ආර්ථික විද්‍යාවෙන් හදාරනු ලබන්නේ “අසීමිත වුවමනා, පවතින සීමිත සම්පත්  සම්භාරයෙන් සපුරා ගන්නේ කෙසේ ද යන්න යි”

Scroll to Top