ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6ක දේපළ තහනම් කිරීමේ නියෝග නිකුත් කරයි

 

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තියේ ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් සමාගම් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලුම දේපළ සහ අනෙකුත් වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් නියෝග නිකුත් කර ඇත.

ඉන් අනතුරුව, කොළඹ මහාධිකරණය විසින් පහත දක්වා ඇති සමාගම් සම්බන්ධයෙන් එකී අත්හිටුවීමේ නියෝග තහවුරු කර, දීර්ඝ කර ඇත.

  1. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්
  2. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්සිං
  3. සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්ප්‍
  4. ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්ඇ
  5. ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ්ඊ
  6. ඉයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැණි (ප්‍රයිවට්) ලිමිටඩ්

ඉන් පළමු සමාගම් දෙක සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ දැනට විමර්ශන පවත්වනු ලැබේ.

අනෙකුත් සමාගම් මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ ප්‍රතිපාදනවලට පටහැනිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බව සහ/හෝ තැන්පතු භාරගෙන ඇති බව මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇත.

තවදුරටත් මහබැංකුව මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ,නීත්‍යානුකූලව බලය පවරන ලද ආයතනවල පමණක් තම මුදල් තැන්පත් කරන ලෙසයි

 

Scroll to Top