ආර්ථිකය සමන්විත වී ඇති කුඩා ඒකක වෙන් වෙන් වශයෙන් ගෙන, ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂ්ම ආර්ථික විද්‍යාවයි.
ආර්ථිකය සමන්විත වී ඇති කුඩා ඒකක වශයෙන් හඳුනා ගන්නේ පහත සඳහන් දෑ ය.
- පාරිභෝගිකයන්
- නිෂ්පාදන ආයතන
- ශ්‍රමිකයන්
- රජය
මෙකී ඒකක විකල්ප හමුවේ තේරීම් කරන ආකාරයත්, එම තේරීම් නිසා ඇතිවන ප්‍රතිඵලත් සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් විශ්ලේෂණය කරයි.
සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන දේ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
- හිඟකම
- විකල්ප අතරින් තේරීම් කිරීම
- ආවස්ථික පිරිවැය
- ඉල්ලුම් න්‍යාය
- සැපයුම් න්‍යාය
- නිෂ්පාදන න්‍යාය
- පිරිවැය න්‍යාය
- සාධක මිල තීරණය වීම
- ආර්ථික කාර්යක්ෂමතාව
