Bitcoin (බිට්කොයින්)

ලෝකයේ දැනට පවතින අතථ්‍ය මුදල් ඒකක අතුරෙන් ප්‍රධාන ම මුදල් ඒකකය වන්නේ බිට්කොයිනය යි.

2008 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ බිට්කොයිනය 2009 ජනවාරි 03 වන දින “Bitcoin-Peer to Peer Electronic cash System” හරහා ප්‍රසිද්ධියට පත් කරන ලදි.

Bitcoin හඳුන්වන කේතය “BTC” වේ.

2140 වර්ෂය වන විට උපරිම වශයෙන් බිහිකළ හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21කට සීමා වනු ඇත.

ආරම්භයේ දී ‌බිට්කොයිනයක අගය ඇමරිකානු ඩොලර් ශත අගයක් වුවත්, ජනප්‍රියත්වය හා ඉල්ලුම වැඩි වීමෙන් එහි අගය වේගයෙන් වැඩි විය.

2009 – $0.10

2012 – $ 7

2013 – $ 49

2016 -$600

2017 –  $4,750

2020- $10,000

2021 – $ 60,000

2023 – $30,000

2025 – $ 124,474

බිට්කොයින් හුවමාරු ආයතන හරහා පහසුවෙන් විවිධ මුදල් වර්ග භාවිතා කරමින් බිට්කොයින් මිල දී ගැනීම් හා විකිණීම් කළ හැකි ය. මෙම ගනුදෙනු අන්තර්ජාලය හරහා පමණක් සිදු වේ.

Scroll to Top