අතථ්‍ය (virtual) යන වචනයේ අර්ථය සැබෑවට ම නොපවතී යන අදහස යි.
අතථ්‍ය මුදල් (Virtual Currency) යනු භෞතික ව නොපවතින, පෞද්ගලික ව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනික ව හුවමාරු කළ හැකි නියාමනයකට ලක් නොවන, වටිනාකම් සහිත ඩිජිටල් මුදල් වර්ගයකි.
මෑතකාලීන ව අතථ්‍ය මුදල් භාවිතය කැපී පෙනන ලෙස වර්ධනය වී ඇති අතර, එයට සමාජ මාධ්‍යය බොහෝ සෙයින් බලපා ඇත.
ලෝකයේ අතථ්‍ය මුදල් ඒකක දහස් සංඛ්‍යාවක් පවතින අතර, ඉන් ප්‍රධාන ම මුදල් ඒකකය වන්නේ බිට්කොයිනය යි.
