මිනිසුන් සමාජයේ ජීවත්වන ආකාරය විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යයනය කිරීම සිදු වන්නේ සමාජීය විද්‍යාවන් මගින් ය.
මිනිසුන් සමාජයේ ජීවත්වන ආකාරය ආර්ථික දෘෂ්ටිකෝණයෙන් අධ්‍යයනය කිරීම සිදු වන්නේ ආර්ථික විද්‍යාව මගිනි. මේ නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වශයෙන් හඳුන්වයි.
ආර්ථික විද්‍යාව සේම දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විෂයයන් ද සමාජීය විද්‍යාවන් ගණයට අයත් වේ.
මේ අතරින් ආර්ථික විද්‍යාව ජන ජීවිතයට වඩාත් ම සමීප නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන් අතර රැජින ලෙස ද හදුන්වයි
