මිල ඉල්ලුම් නම්‍යතාව ඇසුරෙන් පුරෝකථනය

මිල ඉල්ලුම් නම්‍යතාව සොයන සූත්‍රයේ විචල්‍යයන් 3ක් හඳුනාගත හැක.

  1. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය 
  2. මිලෙහි ප්‍රතිශතක වෙනස
  3. ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස

ඉහත විචල්‍යයන් තුනෙන් විචල්‍යයන් දෙකක් දන්නේ නම්, අනෙක් විචල්‍යය ගණනය කළ හැක.

ඒ අනුව, නම්‍යතා සංගුණකය හා මිලේ ප්‍රතිශත වෙනස දන්නේ නම්, ප්‍රමාණය කොතරම් ප්‍රතිශතයකින් වෙනස් වනවා ද යන්න පුරෝකථනය කළ හැක.

නම්‍යතා සංගුණකය හා ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස දන්නේ නම්, මිල කොතරම් ප්‍රතිශතයක් වෙනස් වනවා ද යන්න පුරෝකථනය කළ හැක.

 

 

Scroll to Top