ඉල්ලුම් නම්‍යතාව

ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් අදහස් කරන්නේ ඉල්ලුමට බලපාන ප්‍රමාණාත්මක ව මැනිය හැකි ඕනෑම සාධකයක ප්‍රතිශතක වෙනසට සාපේක්ෂ ව ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වන ප්‍රතිශතක වෙනස මැන දැක්වීම යි.

මෙහි දී විශේෂයෙන් ප්‍රමාණාත්මක ව මැනිය හැකි සාධක යනුවෙන් සඳහන් කර ඇත්තේ, ඉල්ලුමට බලපාන සාධකයන්ගෙන් සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල හා ආදායම යි.

ඉල්ලුම් නම්‍යතාව යටතේ සංකල්ප 03ක් කෙරෙහි අවධානය යොමු කළ හැක.

  1. මිල ඉල්ලුම් නම්‍යතාව (සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණයත් අතර සම්බන්ධය) 
  2. හරස් මිල ඉල්ලුම් නම්‍යතාව (සම්බන්ධිත භාණ්ඩ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය)
  3. ආදායම් ඉල්ලුම් නම්‍යතාව (ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය) 
Scroll to Top