නිෂ්පාදක අතිරික්තය

නිෂ්පාදක අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ, භාණ්ඩයක් අලෙවි කිරීමට නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලත්, සත්‍ය වශයෙන් ම ඔවුනට වෙළෙඳපොළේ දී ලැබෙන මිලත් අතර වෙනස යි.

නිෂ්පාදකයා වෙළෙඳපොළට සැපයීමට සැලසුම් කරන ලද එක් එක් භාණ්ඩ ඒකකය වෙනුවෙන් අපේක්ෂා කරන මිල සැපයුම් වක්‍රයෙන් නිරූපණය කරයි.

නිෂ්පාදකයන් සත්‍ය වශයෙන් ම ලබන මිල යනු වෙළෙඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග තුළින් තීරණය වන සමතුලිත මිල යි.

නිෂ්පාදකයා අලෙවි කිරීමට අපේක්ෂා කරන මිලට වඩා ඉහළින් සමතුලිත මිල තීරණය වූ විට, නිෂ්පාදකයාට වාසිදායක තත්ත්වයක් ඇති වේ.

භාණ්ඩයක එක් එක් ඒකකය සඳහා වෙන වෙන ම මෙන් ම, සමතුලිතයේ දී ද නිෂ්පාදනක අතිරික්තය ගණනය කළ හැක.

සමතුලිත අවස්ථාවේ දී, සමතුලිත මිලට පහළින් සැපයුම් වක්‍රයට ඉහළ කොටසේ වර්ගඵලයෙන් නිෂ්පාදක අතිරික්තය නිරූපණය කරයි.

 

Scroll to Top