මුදල් සැපයුම

මුදල් සැපයුම යන්නට මූල්‍ය සමස්තය යන වචනය ද භාවිතා කරනු ලබයි. 

රටක මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරන ව්‍යවහාර මුදල් මහජනයාට මෙන් ම රජයට හා වාණිජ බැංකුවලට ද බෙදී යයි. 

රටක මුදල් සැපයුම යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දිනකට එරට මහජනතාව සතු මුළු මුදල් තොගයේ ප්‍රමාණය යි. මෙය තොග සංකල්පයකි.

වත්කම්වල ද්‍රවශීලතාවය පදනම්කරගෙන මුදල් සැපයුම M0, M1, M2, M3, M4, M5 ආදී ලෙස ඉතා පටු මුදල් සැපයුමක සිට පුළුල් මුදල් සැපයුමක් දක්වා නිර්වචනය කළ හැක.

ඉතා පටු මුදල් සැපයුමට (M0) පූර්ණ ද්‍රවශීලතාවයෙන් යුතු මහජනයා සතු ව්‍යවහාර මුදල්(කාසි හා නෝට්ටු) ඇතුලත් කරයි.

පටු මුදල් පැපයුමට(M1) මහජනයා සතු ව්‍යවහාර මුදල් හා මහජනයා සතු ඉල්ලුම් තැන්පතු(ජංගම ගිණුම්වල  ශේෂ) ඇතුලත් කරයි.

පුළුල් මුදල් සැපයුමට(M2) මහජනයා සතු ව්‍යවහාර මුදල්, ඉල්ලුම් තැන්පතු හා වාණිජ බැංකු වෙතැති කාලීන හා ඉතුරුම් තැන්පතු ඇතුලත් කරයි.

තව දුරටත් පුළුල් ව මුදල් සැපයුම නිර්වචනය කිරීමට ද්‍රවශීලතාවයෙන් අඩු මූල්‍ය වත්කම් ද එක්කර ගත හැක.

 

Scroll to Top