මූර්ත ආදායම යනු, නාමික ආදායමින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය යි. එනම් මුදලේ මූර්ත අගය යි.
නාමික ආදායම යනුවෙන් අදහස් කරන්නේ, වැටුප්, බදු කුලී, පොළී හා ලාභ වශයෙන් පුද්ගලයෙකු උපයන ආදායම යි. මෙය මුදල් ආදායම වශයෙන් ද හඳුන්වයි.
නාමික ආදායම, පොදු මිල මට්ටමින් බෙදූ විට මූර්ත ආදායම ලැබේ.
මූර්ත ආදායම ඉහළ යන්නේ මිල මට්ටමට වඩා වැඩි වේගයකින් නාමික ආදායම ඉහළ යන විට දී ය.
මූර්ත ආදායම පහළ යන්නේ නාමික ආදායමට වඩා වැඩි වේගයකින් පොදු මිල මට්ටමක ඉහළ යන විට දී ය.