කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව පහසුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව ලෙස හඳුන්වයි.
ඉහත නිර්වචනයෙහි හුවමාරු මාධ්‍යයක් යන්නට, ගෙවීම් මාධ්‍යයක් හෝ විනිමය මාධ්‍යයක් යන විකල්ප වචන ද භාවිතා කළ හැක.
මුදලේ ප්‍රධාන ම කාර්යයක් වන්නේ හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යි. එබැවින් මුදල් අමුතුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලීමට අවශ්‍ය නොවේ. මේ නිසා ‘මුදල්’ පූර්ණ ද්‍රවශීල වත්කමක් ලෙස හඳුන්වයි.
එබැවින් ද්‍රවශීලතාව යන්නෙහි අදහස මෙලෙස ද ඉදිරිපත් කළ හැක.
“කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව යි.”
මූල්‍ය වත්කම් මුදල් බවට පෙරලා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු 3කි. නොඑසේ නම් මූල්‍ය වත්කම්වල ද්‍රවශීලතාව තීරණය කරන සාධක 3කි.
- පහසුව
- දැරීමට සිදු වන අමතර පිරිවැය
- වටිනාකම පිළිබඳ අවිනිශ්චිතතාවය