මුදල් මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන් 04ක් ඇත.
- හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම
- වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම
- ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම
- විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම
- හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.
විනිමය(ගෙවීම්) මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යනුවෙන් හඳුන්වන්නේ ද මෙය ම යි. ඉන් අදහස් වන්නේ, භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් හෝ හුවමාරු කිරීමේ දී අතරමැදියෙකු ලෙස මුදල් කටයුතු කිරීම යි.
නිදසුනක් ලෙස වී ගොවියෙකුට උදැල්ලක් වුවමනා වූවා යැයි සිතන්න.
බාටර් ක්‍රමයට අනුව නම්, උදැල්ල කම්මල්කරුවාගෙන් ලබාගත හැක්කේ ගොවියා සතු වී ලබා දීමෙනි. මෙකී හුවමාරුව සිදු වීමට නම්, කම්මල්කරු ද වී ලබා ගෙන උදැල්ල ලබා දීමට කැමති විය යුතු ය.
නමත් මුදල් හුවමාරු මාධ්‍යය ලෙස යොදා ගැනීමේ දී, ගොවියාට තමන් සතු වී මුදලට අලෙව් කර, එම මුදලින් උදැල්ල මිල දී ගත හැක. මෙහි දී මුදල් හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කර ඇති බව ඔබට වැටහෙනු ඇත.
- වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම.
මින් අදහස් කරන්නෙ අවදානමකින් හා අපහසුවකින් තොර ව අනාගත අවශ්‍යතා සඳහා වටිනාකම රැස්කර තබා ගෑනීමට මුදල් භාවිතා කළ හැකි බවයි.
භාණ්ඩ එලෙස වටිනාකම රැස්කොට තබා ගැනීමට භාවිතා කිරීම අපහසු ය. ගබඩා කිරීමට විශාල ඉඩක් අවශ්‍ය වීම සහ ඇතැම් භාණ්ඩ නරක් වීම ඊට හේතුව යි. එමෙන් ම භාණ්ඩ මිල පහත වැටේ යැයි අවධානමක් ද පවතී.
මුදල් භාවිතය මගින් එකී ගැටලු විසඳී ඇත. නමුත් මෙම කාර්යය සාර්ථක වීමට නම්, මුදලේ ක්‍රය ශක්තිය ස්ථාවර ව පැවතිය යුතු ය.
නිදසුනක් ලෙස ඔබ, ඔබට හිමි දේපොළක් විකුණා එම මුදල අනාගත අවශ්‍යතා සඳහා තැන්පත් කර තබනවා යැයි සිතන්න. අදාළ මුදලින් අද මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය ම අනාගතයේ ද මිල දී ගැනීමට හැකි නම්, මුදල් මගින් වටිනාකම රැස් කිරීම සාර්ථක වී ඇත. නමුත් අනාගතයේ දී භාණ්ඩ මිල ඉහළ ගොස් එම මුදලින් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වී ඇත්නම්, වටිනාකම රැස් කිරීම අසාර්ථක වී ඇත.
- ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම
භාණ්ඩවල හා සේවාවල වටිනාකම මිනුම් කරන හෝ ප්‍රකාශ කරන පොදු ඒකකය ලෙස මුදල් ක්‍රියා කීරීම ගිණුම් ඒකකයක කාර්ය ලෙස හඳුන්වයි.
මේ නිසා භාණ්ඩ – භාණ්ඩ අතරත්, සේවා – සේවා අතරත් වෙනස්කම් සන්සන්දනය කළ හැක.
- විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.
කල් පසු වී කරනු ලබන ගෙවීම් කාර්යක්ෂම ව සිදුකිරීමට මුදල් යොදා ගත හැකි බව මින් අදහස් වේ.
නිදසුනක් ලෙස ඔබ බැංකුවකින් ණයක් ගන්නවා යැයි සිතන්න. වර්තමානයේ දී ලබා ගත් එම ණය මුදල ගෙවා නිම කරන්නේ අනාගතයේ දී ය. එලෙස අද ගත් ණයක් පසුව ගෙවීමට මුදලට හැකියාවක් ඇත.