මුදලේ ඓතිහාසික පරිනාමයත් සමග ඒ ඒ අවධිවල දී භාවිතා වු මුදල් විවිධ නම්වලින් හඳුන්වන ලදි. පහත දැක්වෙන්නෙ එවැනි මුදල් වර්ග කිහිපයකි.
- භාණ්ඩ මුදල්
- පූර්ණ මුදල්
- නිමිති මුදල්
- නියෝජිත මුදල්
- ආඥප්ති මුදල්
හුවමාරු මාධ්‍යයක් වශයෙන් මුල් අවධියේ දී රන්, රිදී, ඔලිව්, දුම්කොළ, වයින්, සිගරට්, සම්, ලුණු, මුහුදු බෙල්ලන් වැනි විවිධ භාණ්ඩ වර්ග යොදා ගත් හ. මේවා භාණ්ඩ මුදල් වශයෙන් හඳුනා ගනී.
රන් හා රිදී ලෝහ කාසි භාවිතා වූ අවධියේ මුහුනත සඳහන් වටිනාකමට සමාන ම වටිනාකමක් එම ලෝහ ප්‍රමාණයට ද තිබුණ. එලෙස ප්‍රකාශිත වටිනාකම නෛසර්ගික වටිනාකමට සමාන මුදල් පූර්ණ මුදල් ලෙස හඳුන්වයි.
කල් යත් ම ලෝහ කාසි වර්ග නිකුත් කිරීමේ විටිනාකම අඩු ලෝහ යොදා ගෙන කාසි නිකුත් විය. මෙකී කාසිවල මුහුණත සඳහන් ප්‍රකාශිත විටිනාකමට සමාන නෛසර්ගික වටිනාකමක් හෙවත් අන්තර්ගත වටිනාකමක් නොමැත. එවැනි මුදල් නිමිති මුදල් ලෙස හඳුන්වයි. වර්තමානයේ භාවිතාවන කාසි හා නෝට්ටු ද මේ ගණයට වැටේ.
අතීතයේ දී භාණ්ඩ මුදල් ලෙස රන් හා රිදී භාවිතා විය. මෙකී ලෝහ වර්ග රැගෙන යාම අපහසු නිසා, එම ලෝහ ප්‍රදේශයේ රන්කරුවා වෙත තබා ඒ වෙනුවට කුවිතාන්සියක් ලබා ගත් හ. එකී කුවිතාන්සිය මුදල් ලෙස භාවිතා විය. මෙම කුවිතාන්සිය නියෝජිත මුදල් ලෙස හඳුන්වයි. එකී කුවිතාන්සිය අතැති පුද්ගලයාට කුවිතාන්සියේ සඳහන් රන් හෝ රිදී ප්‍රමාණය නැවත කුවිතාන්සිය රන්කරුවාට ලබා දීමෙන් ලබා ගත හැකි විය.
ඕනෑ ම ගෙවීමක් සඳහා වලංගු බව රජය විසින් නියෝග කර ඇති පරිවර්ත්යතාවයෙන් තොර නෝට්ටු ආඥප්ති හෙවත් වලංගු මුදල් ලෙස හඳුන්වයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතාවන මුදල් නෝට්ටුවල මේ බව මෙසේ සදහන් කර ඇත.
“ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය”