මුදල්

මුදල් නිර්වචනය කිරීම සිදු කරන්නේ මුදලේ කාර්යයන් මුල් කරගෙන යි.

හුවමාරු මාධ්‍යයක්,  වටිනාකමේ සන්නිධියක්, ගිණුම් ඒකකයක් හා විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් ක්‍රියා කරයි. එසේ ම මෙවැනි කාර්යයන්හි දී පොදු පිළිගැනීමක් තිබීම ද අත්‍යාවශ්‍ය කරුණක් වේ.

හුවමාරු මාධ්‍යයක කාර්යය ගෙන ” හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑ ම දෙයක් “මුදල් ලෙස සරල ව නිර්වචනය කළ හැක.

එසේ ම වටිනාකමේ සන්නිධි කාර්යය ද  අනෙකුත් කාර්යයන් ද ගෙන මුදල් නිර්වචනය කළ හැක.

මුදල් යන්නට පුළුල් නිර්වචනයක් මෙසේ ඉදිරිපත් කළ හැක.

“හුවමාරු මාධ්‍යයක්,  වටිනාකමේ සන්නිධියක්, ගිණුම් ඒකකයක් හෝ විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන පොදුවේ පිළිගනු ලබන ඕනෑ ම දෙයක් මුදල් ලෙස හඳුන්වයි”

එය තවත් සරල කර පහත පරිදි ඉදිරිපත් කළ හැක.

මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටුවන පොදු පිළිගැනීමකින් යුත් ඕනෑ ම දෙයක් මුදල් ලෙස හඳුන්වයි”

 

Scroll to Top