ඉල්ලුම් නීතියෙන් අදහස් කරන්නේ කිසියම් කාල පරිච්චේදයක් තුළ අනෙකුත් කරුණු නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින බව යි.
නමුත් ඇතැම් අවස්ථාවල මිල හා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ප්‍රතිලෝම සම්බන්ධතාවයක් දක්නට නොලැබෙන අවස්ථා ද පවතී.
එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
- ගිෆන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම.
- මිල අධික(ප්‍රදර්ශනාත්මක) භාණ්ඩ පරිභෝජනය කිරීමට ඇති ඉල්ලුම.
- භාණ්ඩයක ගුණත්වය මිල මත තීරණය කොට භාණ්ඩ ඉල්ලුම් කිරීම.
- සමපේක්ෂණ ඉල්ලුම.