ඉල්ලුම් ශ්‍රිතය යනු භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත්, එයට බලපාන සාධකත් අතර පවත්නා සම්බන්ධතාවය සමීකරණයක් ලෙස ඉදිරිපත් කිරීම යි.
Qd= f (P, Pn, Y, T, Ex, N, O)
ඉහත ඉල්ලුම් ශ්‍රිතය වෙළෙඳපොළ ඉල්ලුම් ශ්‍රිතය ලෙසින් ද හැඳින්විය හැකි ය.
ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් ගැනුම්කරුවන් සංඛ්‍යාව හැර සෙසු ඉල්ලුම් තීරකත් (පෞද්ගලික ඉල්ලුම් තීරකත්) අතර පවතින සම්බන්ධතාවය සමීකරණයකින් දැක්වීම පෞද්ගලික ඉල්ලුම් ශ්‍රිතය වේ. එය පහත පරිදි ඉදිරිපත් කළ හැක.
Qd= f (P, Pn, Y, T, Ex, O)