“ආර්ථික විද්‍යාව” සහ “ආර්ථිකය” යන සිංහල වචන ඉංග්‍රීසි භාෂාවෙන් පිළිවෙලින් “Economics” සහ “Economy” ලෙස හඳුන්වයි. මෙම ඉංග්‍රීසි වචන දෙක බිහි වී ඇත්තේ පුරාණ ග්‍රීක භාෂාවේ එන “Oikonomos” යන්නෙනි.
සත්‍ය වශයෙන් ම මෙම වචනය තුළ වචන දෙකක් පවතී. එනම් “Oikos” හා “Nomos” හෝ “Nemo” යන්න යි.
මෙම වචන දෙකෙහි අර්ථය කුටුම්භ කළමණාකරණය යි. මින් පෙන්වා දෙන්නේ ලැබෙන ආදායමින් වැඩිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි සම්පත් භාවිතා කළ යුතු ආකාරය යි.