ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක්By cmeconomics.lk / ආර්ථික විද්‍යාවට මෙතෙක් පොදුවේ පිළිගන්නා නිර්වචනයක් ඉදිරිපත් වී නැතත්, කළින් කළට විෂයේ අවධානයට බඳුන් වූ කරුණු මුල් කරගෙන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යා විෂය නිර්වචනය කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි වැදගත් නිර්වචන කිහිපයකි. “ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීම”Adam Smith ( Wealth of Nation-1776) “එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය යි”Alfred Marshall (Principles of Economics-1890) “විකල්ප භාවිත සහිත හිඟ සම්පත් සහ මිනිස් වුවමනා අතර පවත්නා සම්බන්ධතාවයේ දී මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවකි”Lionel Robbins(An Essay on the Nature and Significance of Economic Science-1932) “සමාජයක් විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය සඳහා හිඟ සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේ ද, එසේ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදාහරිනු ලබන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරන විෂය යි”Paul Samuelson (Economics-1948) “ආර්ථික විද්‍යාව කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව, මනසට නිවැරදි නිගමන කරා එළඹීමට ආධාරක සපයන මෙවලම් කට්ටලයකි”John Maynard Keynes(The General Theory of Employment, Interest and Money-1936)