“ආර්ථිකයක් සතු සියලු ම සම්පත් පවතින හොඳ ම තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කර, භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන විට එකී භාණ්ඩ දෙවර්ගයෙන් නිෂ්පාදනය කළ හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කෙරෙන ලක්ෂ්‍ය යා කර අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යි”
නිෂ්පාදන ශක්‍යතා පර්යන්තය, නිෂ්පාදන හැකියා මායිම, නිෂ්පාදන ධාරිතා ඉම, විභව නිෂ්පාදන හැකියා සීමාව යන නම්වලින් හැඳින්වෙන්නේ ද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ම ය.
නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්මාණයේ දී පහත උපකල්පන 4 යොදා ගනී.
- සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවරව පවතී
- පූර්ණ සේවා නියුක්තිය හා නිෂ්පාදන කාර්යක්ෂමතාවය සාක්ෂාත්වන(ඉටුවන) ලෙස සියලු ම සම්පත් භාවිතා කරයි.
- සලකා බලන කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස් ව පවතී.
- භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරයි.
පහත රූප සටහනට අනුව X සහ Y භාණ්ඩ සංයෝග නිරූපණය කරන A, B, C, D සහ E යන ලක්ෂ්‍ය යා කර ඇඳ ඇති වක්‍රය නිෂ්පාදන මායිම් වක්‍රය යි.
