සම්පත් භාවිතය පිළිබඳ ව ආර්ථිකය හමුවේ ඇති තේරීම් සහ එම තේරීම්වල ප්‍රතිවිපාක විග්‍රහ කිරීමට ආර්ථික විද්‍යාඥයින් විසින් ගොඩනංවන ලද සරල ආදර්ශය නිෂ්පාදන හැකියා ආදර්ශය යි.
ආදර්ශයක් ගොඩනැංවීමේ මූලික අරමුණ වන්නේ සංකීර්ණ සමාජයේ සිද්ධියක් සරල ව අධ්‍යයනය කිරීම යි. මේ සඳහා සැබෑ ලෝකයේ තත්ත්වය එලෙස ම නොගෙන යම් යම් සිතා ගැනීම් හෙවත් උපකල්පනයන් සිදු කරනු ලබයි.
නිෂ්පාදන හැකියා ආදර්ශය ගොඩනැංවීමේ දී පහත උපකල්පන 04 සිදු කර ඇත.
- සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර ව පවතී
- පූර්ණ සේවා නියුක්තිය හා නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටුවන ලෙස සියලු ම සම්පත් භාවිතා කරයි.
- අදාළ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස් ව පවතී.
- භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරයි.
නිෂ්පාදන හැකියා ආදර්ශය සංඛ්‍යාත්මක ව(වගුවකින්) හෝ රූප සටහනක්(ප්‍රස්තාරයකින්) මගින් නිරූපණය කළ හැක.

