පුළුල් මුදල් සැපයුම (M4)

1999 වර්ෂයේ දී අත්හදා බැලීමේ පදනම මත පුළුල්  මුදල් සැපයුම(M4) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි.

M4 පුළුල් සැපයුම සකස් වන්නේ, M2b ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති තැන්පතු හා ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු එකතු කිරීමෙනි.

ඒ අනුව, M4 පුළුල් මුදල් සැපයුමට පහත අයිතම ඇතුලත් ය.

  1. මහජනයා සතු ව්‍යවහාර මුදල්
  2. වාණිජ බැංකුවල ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු
  3. වාණිජ බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු
  4. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුවලින් 50%
  5. විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු තැන්පතු
  6. බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවල ඇති තැන්පතු
  7. ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු

ඉහත සංරචකයන්ගෙන් පළමු වැන්න ව්‍යවහාර මුදල් හෙවත් සල්ලි ලෙස ද, දෙවැන්න බැංකු මුදල් ලෙස ද, සෙසු සංරචක ආසන්න මුදල් ලෙස ද සලකයි.

එබැවින් පටු මුදල්වලට ආසන්න මුදල් එකතු කළ විට M4 මූල්‍ය සමස්තය ලැබේ.

Scroll to Top