අප්රකාශික විද්‍යුත් මුදල් (Crypto Currencies) යනු අතථ්‍ය මුදල් (Virtual Currency) විශේෂයකි. මේවා ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන පෞද්ගලික ව නිකුත් කරනු ලැබු මුදල් විශේෂයකි.
භෞතිකව නොපවතින, අප්රකාශිත මුදල් දහස් ගණනක් විවිධ නම් හා සංකේත භාවිතා වෙමින් ඩිජිටල් ආකාරයට ලෝකයේ පවතී.
අප්රකාශිත මුදල් හුවමාරුවන වෙළෙඳපොළවල් ලෝකයේ සිය ගණනක් පමණ පවතින අතර, ඒ හරහා ලොව පුරා ආයෝජකයන් විශාල ප්‍රමාණයක් වත්කමක් ලෙස මේවායේ ආයෝජනය කරනු ලබයි.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, ප්‍රධානත ම අප්රකාශිත මුදල් වර්ගය බිට්කොයින් (Bitcoin) වන අතර, ප්‍රධාන විශාල ම හුවමාරුව බයිනෑන්ස් (Binance) වේ.
