Microeconomics

වෙළෙඳපොළ සමතුලිතයේ දී ඉටුවිය යුතු කොන්දේසි

අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමාන විය යුතු ය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය විය යුතු ය. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය විය යුතු ය. පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය.

වෙළෙඳපොළ සමතුලිතය

වෙළෙඳපොළ සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ, තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක අනුකූලවන හෙවත් තුලනය වන අවස්ථාව යි. මෙහි දී අධි සැපයුම් තත්ත්වයක් හෝ අධි ඉල්ලුම් තත්ත්වයක් හෝ ඇති නොවේ. ඉල්ලුම් සැපයුම් බලවේග මගින් සමතුලිතතාවය ඇති කරන යන්ත්‍රණය වන්නේ මිල ක්‍රමය යි.  

බාල භාණ්ඩ

පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ බාල භාණ්ඩ වශයෙන් හඳුන්වයි. එනම් ආදායම වැඩිවන විට ඉල්ලුම අඩුවන සහ  ආදායම අඩුවන විට ඉල්ලුම වැඩිවන භාණ්ඩ යි. භාණ්ඩයක් බාල භාණ්ඩයක් ද යන්න තීරණය කළ යුත්තේ භාණ්ඩයේ ස්වභාවය මත නොව, පාරිභෝගික ආදායමට සාපේක්ෂ ව ය. එහෙයින් භාණ්ඩයක් සෑම ආදායම් මට්ටමක දී ම බාල භාණ්ඩයක් ලෙස …

බාල භාණ්ඩ Read More »

සැපයුම් න්‍යාය

සැපයුම් න්‍යාය යනු, සැපයුම තීරණය කරන ඕනෑ ම සාධකයක් වෙනස් වීමට අනුකූල ව සලකා බලන භාණ්ඩයේ සැපයුම වෙනස් වීම විග්‍රහ කර දැක්වීම යි. සැපයුම යන්න මෙසේ නිර්වචනය කළ හැක. ” සැපයුම යනු යම් නිෂ්චිත කාල පරිච්ඡේදයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළෙහි පැවතිය හැකි විකල්ප මිලයන්හි දී නිෂ්පාදකයන් විසින් සැපයීම කැමති, සැපයීමට හැකියාව ඇති හා සපයනු …

සැපයුම් න්‍යාය Read More »

සැපයුම් තීරක

සලකා බලන භාණ්ඩයේ මිල (P) සම්බන්ධිත භාණ්ඩවල මිල (Pn) යෙදවුම් මිල (C) තාක්ෂණය (T) නිෂ්පාදකයින්ගේ අපේක්ෂා (Ex) නිෂ්පාදකයින් සංඛ්‍යාව (N) රජයේ ප්‍රතිපත්ති (G) වෙනත් සාධක (O) ඉහත සාධක සියල්ල වෙළෙඳපොළ සැපයුම තීරණය කරන සාධක වන අතර, පෞද්ගලික සැපයුම හෙවත් ආයතනික සැපයුම තීරණය කරන සාධක වන්නේ, ඉහත සාධක අතුරෙන් නිෂ්පාදකයන් සංඛ්‍යාව හැර සෙසු සාධක 07 පමණි.

සැපයුම

යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ‍තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළේ පැවතිය හැකි විකල්ප මිලයන්හි දී, නිෂ්පාදකයන් විසින් සැපයීමට කැමති, සැපයීමට හැකියාව ඇති සහ සපයනු ලබන විවිධ ප්‍රමාණයන් ය. සැපයුම් වක්‍රයක හෝ සැපයුම් ලේඛනයක සමස්ත සම්බන්ධතාවයෙන් සැපයුම නිරූපණය කරයි.  

ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම

ඉල්ලුම් කරනු බලන ප්‍රමාණය වෙනස් වීමේ දී, ඉල්ලුම් තීරකයන් අතුරෙන් සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වන අතර, සෙසු සාධක ස්ථාවර ව පවතී. ඒ අනුව යම් දෙන ලද කාලපරිච්ඡේදයක දී  අනෙකුත් කරුණු නොවෙනස් ව තිබිය දී, සලකා බලන භාණ්ඩයේ මිලෙහි සිදු වන වෙනස් වීමට අනුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම  ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම …

ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම Read More »

ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා

කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම් තීරක අතුරෙන් අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය යි. එනම්  ඉල්ලුම් නීතීයට අනුකූල වීම යනු භණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම යි. මෙවැනි විටෙක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වේ. ඉලුලුම් නීතියට පටහැනි අවස්ථා යනු මිල …

ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා Read More »

ව්‍යතිරේක ඉල්ලුම

කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම් තීරක අතුරෙන් අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය යි. ව්‍යතිරේක යන්නෙහි අදහස සම්මතයට වඩා වෙනස් හෝ  නියමයට එකඟ නොවන යන්න යි.  එනම් ව්‍යතිරේක ඉල්ලුම් තත්ත්වයක් යනු ඉල්ලුම් නීතීයට පටහැනි තත්ත්වයක් ඇති වීම යි. මෙවැනි තත්ත්වයක දී ඉල්ලුම් වක්‍රයේ හැඩය වෙනස් වේ. …

ව්‍යතිරේක ඉල්ලුම Read More »

ඉල්ලුම් ශ්‍රිතය

ඉල්ලුම් ශ්‍රිතය යනු භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත්, එයට බලපාන සාධකත් අතර පවත්නා සම්බන්ධතාවය සමීකරණයක් ලෙස ඉදිරිපත් කිරීම යි. Qd= f (P, Pn, Y, T, Ex, N, O) ඉහත ඉල්ලුම් ශ්‍රිතය වෙළෙඳපොළ ඉල්ලුම් ශ්‍රිතය ලෙසින් ද හැඳින්විය හැකි ය.  ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් ගැනුම්කරුවන් සංඛ්‍යාව හැර සෙසු ඉල්ලුම් තීරකත් (පෞද්ගලික ඉල්ලුම් තීරකත්) අතර පවතින සම්බන්ධතාවය …

ඉල්ලුම් ශ්‍රිතය Read More »

Scroll to Top