Microeconomics
ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ද
ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව නොවේ. සමාජ විද්‍යාව(Sociology), සමාජ ශාස්ත්‍රයක් හෙවත් සමාජීය විද්‍යාවන්(Social Sciences) යටතට අයත් වන එක් විෂයයකි. ආර්ථික විද්‍යාව(Economics) ද සමාජීය විද්‍යාවන් යටතට අයත් වන තවත් විෂයයකි. එහෙයින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් මිස සමාජ විද්‍යාව නොවේ.
මිල ඉල්ලුම් නම්‍යතාව ඇසුරෙන් පුරෝකථනය
මිල ඉල්ලුම් නම්‍යතාව සොයන සූත්‍රයේ විචල්‍යයන් 3ක් හඳුනාගත හැක. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය මිලෙහි ප්‍රතිශතක වෙනස ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ඉහත විචල්‍යයන් තුනෙන් විචල්‍යයන් දෙකක් දන්නේ නම්, අනෙක් විචල්‍යය ගණනය කළ හැක. ඒ අනුව, නම්‍යතා සංගුණකය හා මිලේ ප්‍රතිශත වෙනස දන්නේ නම්, ප්‍රමාණය කොතරම් ප්‍රතිශතයකින් වෙනස් වනවා ද යන්න පුරෝකථනය කළ හැක. නම්‍යතා සංගුණකය හා ප්‍රමාණයේ …
මිල ඉල්ලුම් නම්‍යතා තීරක
මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වේ. එසේ භාණ්ඩවල මිල ඉල්ලුම් නම්‍යතා අගය තීරණය වීමට පහත සාධක බලපායි. සලකා බලන භාණ්ඩය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ද සුඛෝපභෝගී භාණ්ඩක් ද යන්න. සලකා බලන භාණ්ඩයට ඇති ආදේශකවල සුලබතාව හා ඒවායේ සමීප බව පාරිභෝගික ආදායමෙන් අදාළ භාණ්ඩයට වැය කරන ප්‍රතිශතය භාණ්ඩයට ඇති විකල්ප භාවිත සංඛ්‍යාව මිල වෙනස් වී කොතරම් …
මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද
නම්‍යතා සංගුණකය සඳහා ලැබෙන අගය අනුව මිල ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද 05ක් හඳුනාගත හැක. පූර්ණ අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0) අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0ත්, 1ත් අතර) ඒකීය නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1) නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1ත් අපරිමිතයත් අතර) පූර්ණ නම්‍ය මිල ඉල්ලුම් …
ආර්ථික අතිරික්තය
තරඟකාරී වෙළෙඳපොළක හුවමාරුවට සහභාගී වන ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපාර්ශ්වය ම සමතුලිත හුවමාරුවෙන් හිමිකරගන්නා වාසිය යි. එනම් සමතුලිත හුවමාරුවෙන් සමස්ත සමාජයට ම අත්වන වාසිය යි. පාරිභෝගික අතිරික්තයේ හා නිෂ්පාදක අතිරික්තයේ එකතුවෙන් ආර්ථික අතිරික්තය සමන්විත වේ.
අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල
අධි ඉල්ලුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්‍රමාණයක දී නිෂ්පාදනයන් සැපයීමට අපේක්ෂා කරන මිල ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන මිල යි. එනම් සැපයුම් මිලට වඩා වැඩි ඉල්ලුම් මිල යි. කිසියම් ප්‍රමාණයක් යටතේ ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කළ විට අධි ඉල්ලුම් මිල ලැබේ. අධි සැපයුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්‍රමාණයක …
අධි සැපයුම් ප්‍රමාණය
අධි සැපයුම හෙවත් අධි සැපයුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී පාරිභෝගිකයන් ඉල්ලුම් කරන ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සපයා ඇති ප්‍රමාණ යි. මෙවැනි තත්ත්වයක දී අතිරික්ත සැපයුමක් හට ගනී
සමතුලිත ප්‍රමාණය
තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙස හඳුන්වයි. අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධ කර ගනිමින් ද සමතුලිත ප්‍රමාණය’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක. “අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ”