නාමික ආදායම
නාමික ආදායම හෙවත් මුදල් ආදායම වශයෙන් හඳුන්වනු ලබන්නේ යමෙකු වැටුප් වශයෙන් හෝ බදු කුලී වශයෙන් හෝ පොළී වශයෙන් හෝ ලාභ වශයෙන් හෝ උපයන මුදල් ප්‍රමාණය යි.
නාමික ආදායම හෙවත් මුදල් ආදායම වශයෙන් හඳුන්වනු ලබන්නේ යමෙකු වැටුප් වශයෙන් හෝ බදු කුලී වශයෙන් හෝ පොළී වශයෙන් හෝ ලාභ වශයෙන් හෝ උපයන මුදල් ප්‍රමාණය යි.
මුදලට ඉල්ලුමක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු තුනකි. එනම් මුදල්, මුදල් වශයෙන් ලඟ තබා ගැනීමට කුටුම්බ හා ව්‍යාපාරික ආයතන තීරණය කරන්නේ චේතනාවන් තුනක් මුල්කරගෙන යි. ගනුදෙනු චේතනාව ආරක්ෂණ චේතනාව සමපේක්ෂන චේතනාව වැඩි දුර විස්තර සඳහා මුදල් ඉල්ලුම
මූර්ත ආදායම මිල මට්ටම පොළී අනුපාතිකය අපේක්ෂිත උද්ධමන අනුපාතිකය
මූර්ත ආදායම මිල මට්ටම පොළී අනුපාතිකය අනාගත අපේක්ෂණ (උද්ධමනය හා පොළී අනුපාතිකය පිළිබඳ) ආයතනික සාධක මූල්‍ය ක්රමයේ නව්‍යතා
පුද්ගලයන්ට දැරීමට සිදුවන සෑම වියදමක් ම කළින් සැලසුම් කළ ඒවා නොවිය හැකි ය. ඇතැම් වියදම් අනපේක්ෂිත ව හට ගත හැකි පහත ආකාරයේ ඒවා විය හැක. හදිසි අනතුරු රෝගාබාධ හදිසි අළුත්වැඩියා හදිසි උත්සව එකී සැලසුම් කළ නොහැකි අනපේක්ෂිත ව ඇති විය හැකි වියදම් කාර්යක්ෂම ව පියවා ගැණිමේ අරමුණින් මුදල් ශේෂ ලඟ තබා ගැනීම ආරක්ෂණ චේතනාවෙන් මුදලට …
සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ඉල්ලුම් කරන්නේ, මුදල් වටිනාකමේ සන්නිධියක් හෙවත් වටිනාකම රැස්කිරීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කරන නිසා ය. මෙය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ ජෝන් මේනාඩ් කේන්ස් විසිනි. ඒ 1936 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ඔහුගේ “සේවා නියුක්තිය පොළිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය” නැමැති කෘතියෙනි. මිනිසුන් තම ධනය මුදල් ලෙස හෝ මුදල් නොවන වත්කම් (පිළිනපත්) …
ගනුදෙනු චේතනාවෙන් මුදලට ඉල්ලුමක් ඇතිවෙන්නේ, මුදල් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන නිසා ය. පුද්ගල ආදායම් ලැබීම් සහ වියදම් කිරීම් එකිනෙකට නොගැලපීම නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණින් මුදල් ශේෂ ලඟ තබ ගැනීම ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම යි. පුද්ගල ආදායම් ලැබීම් හා වියදම් කිරීම් එක විට සිදු නොවේ. එලෙස එක විට ආදායම් ලැබීම් සහ වියදම් කිරීම් …
මුදලට ඉල්ලුමක් පවතින්නේ, මුදල් මගින් ඉටු කරනු ලබන කාර්යයන් අතුරෙන් පහත කාර්යයන් දෙක නිසා ය. විනිමය හෙවත් ගෙවීම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම. කුටුම්බ හා ව්‍යාපාර තම ධනය රඳවා තබා ගන්නා ආකාර දෙකකි.එනම් ප්‍රතිලාභයක් නොලැබෙන නිෂ්ක්‍රිය මුදල් ශේෂ ලෙස ප්‍රතිලාභයක් ලැබෙන වෙනත් වත්කම් ලෙස මුදල් ඉල්ලුම යනුවෙන් අදහස් කරන්නේ කිසියම් අවස්ථාවක …
කොටස්, ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, වාණිජ පත්‍රිකා, සුරැකුම්පත් වැනි මූල්‍ය වත්කම් හැඳින්වීමට පොදුවේ ‘පිළිනපත්’ යන වචනය භාවිතා කරයි.
වර්තමානයේ දී භාවිතා වන මුදල් වර්ග කිහිපයකි. ව්‍යවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් මුදල් ආදේශක විද්‍යුත් මුදල් ඉහත සියල්ලෙන් මුදලේ සියලු කාර්යයන් එක හා සමාන ව ඉටු නොවන බව ද, ද්‍රවශීලතාවේ වෙනස්කම් පවතින බව ද මතක තබා ගත යුතු ය. එක් එක් මුදල් පිළිබඳ තවදුරටත් දැනගැනීමට අදාළ මුදල මත ක්ලික් කරන්න.