සැපයුම් න්‍යාය යනු, සැපයුම තීරණය කරන ඕනෑ ම සාධකයක් වෙනස් වීමට අනුකූල ව සලකා බලන භාණ්ඩයේ සැපයුම වෙනස් වීම විග්රහ කර දැක්වීම යි.
සැපයුම යන්න මෙසේ නිර්වචනය කළ හැක.
” සැපයුම යනු යම් නිෂ්චිත කාල පරිච්ඡේදයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළෙහි පැවතිය හැකි විකල්ප මිලයන්හි දී නිෂ්පාදකයන් විසින් සැපයීම කැමති, සැපයීමට හැකියාව ඇති හා සපයනු ලබන විවිධ ප්‍රමාණයන් ය.”
නිෂ්පාදන ආයතනයක් කිසියම් භාණ්ඩයක් සපයනු ලබන්නේ නම්, ඉන් ගම්‍යවන කරුණු 03කි.
- භාණ්ඩය නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් හා තාක්ෂණය ආයතනය සතු බව
- භාණ්ඩය නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් උපයා ගත හැකි බව
- භාණ්ඩය නිෂ්පාදනය කිරීමට හා විකිණීමට ආයතනය සැලසුම් කොට ඇති බව
වෙළෙඳපොළට භාණ්ඩ සපයන්නේ නිෂ්පාදන ආයතන යි. නිදසුනක් ලෙස විකිණීමට වී වගා කරන ගොවියෙක් නම් කළ හැක.
ගොවියෙක් වෙළෙඳපොළට වී සපයන්නෙ, තමන් සතු නිෂ්පාදන සාධක හා තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවිය හැකි විකල්ප භාණ්ඩ (මුං, බඩ ඉරිඟු, වී) අතුරෙන් වැඩිම ලාභය ‘වී’ මගින් ඉපැයිය හැකි නම් ය.
සැපයුම් න්‍යාය මගින් සැපයුම තීරක වෙන වෙන ම ගෙන සැපයුමට වන බලපෑම අධ්‍යයනය කළ හැක..
සලකා බලන භාණඩයේ මිල, සැපයුම් ප්‍රමාණයට කරන බලපෑම විග්රහයේ දී සෙසු සාධක නොවෙනස් ව පවති යන උපකල්පනය ද,
සෙස සාධක පිළිබඳ අධ්‍යයනයේ දී සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව පවතී යන උපකල්පනය ද සිදු කරයි.
මේ සියලු අධ්‍යයනයන්ට කිසියම් නිශ්චිත කාල සීමාවක් සැලකිල්ලට ගත යුතු බව ද මතක තබා ගත යුතු ය.