සමතුලිත මිල

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන මිල සමතුලිත මිල ලෙස හඳුන්වයි.

වෙළෙඳපොළ පැහැයුම් මිල, වෙළෙඳපොළ නිෂ්කාශන මිල, වෙළෙඳපොළ හිස්කරන මිල යනුවෙන් ද ඇතැම් විටෙක සමතුලිත මිල හඳුන්වනු ලබයි.

එලෙස හඳුන්වනු ලබන්නේ සැපයුම්කරුවන් සපයන මුළු ප්‍රමාණය ඉල්ලුම්කරුවන් මිලට ගන්නා හෙයින් වෙළෙඳාමට සහභාගී වන සියල්ලන් ම තෘප්තිමත් වන නිසා ය.

අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධකර ගනිමින් ‘සමතුලිත මිල’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක.

“අධි ඉල්ලුම හා අධි සැපයුම ශූන්‍ය වන මිල සමතුලිත මිල වේ”

Scroll to Top