කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම් තීරක අතුරෙන් අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය යි.
ව්‍යතිරේක යන්නෙහි අදහස සම්මතයට වඩා වෙනස් හෝ නියමයට එකඟ නොවන යන්න යි.
එනම් ව්‍යතිරේක ඉල්ලුම් තත්ත්වයක් යනු ඉල්ලුම් නීතීයට පටහැනි තත්ත්වයක් ඇති වීම යි.
මෙවැනි තත්ත්වයක දී ඉල්ලුම් වක්‍රයේ හැඩය වෙනස් වේ.
සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වුවත්, මෙවැනි තත්ත්වයක දී ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට ගමන් කරයි. ඒ භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවය් පවතින නිසා ය.
මෙවැනි තත්ත්වයක් ඇතිවන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
- ගිෆන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම.
- භාණ්ඩයක ගුණත්වය මිල මත තීරණය කොට, භාණ්ඩ ඉල්ලුම් කිරීම.
- මිල අධික භාණ්ඩ පරිභෝජනය කිරීම උසස් යැයි සලකා භාණ්ඩ ඉල්ලුම් කිරීම.
- අනාගතයේ දී ලාභ ලැබීමේ අරමුණින් වර්තමානයේ දී භාණ්ඩ ඉල්ලුුුම් කිරීම (සමපේක්ෂණ ඉල්ලුම)
- භාණ්ඩයක් අනාගතයේ දී හිඟ වෙතැයි යන්න අපේක්ෂාවෙන් වර්තමානයේ කරන ඉල්ලුම.