මුදල් ඉල්ලුම

මුදලට ඉල්ලුමක් පවතින්නේ, මුදල් මගින් ඉටු කරනු ලබන කාර්යයන් අතුරෙන්  පහත කාර්යයන් දෙක නිසා ය.

  1. විනිමය හෙවත් ගෙවීම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.
  2. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම.

කුටුම්බ හා ව්‍යාපාර තම ධනය රඳවා තබා ගන්නා ආකාර දෙකකි.එනම්

  1. ප්‍රතිලාභයක් නොලැබෙන නිෂ්ක්‍රිය මුදල් ශේෂ ලෙස
  2. ප්‍රතිලාභයක් ලැබෙන වෙනත් වත්කම් ලෙස

මුදල් ඉල්ලුම යනුවෙන් අදහස් කරන්නේ කිසියම් අවස්ථාවක දී, මුදල් මුදල් වශයෙන් ලඟ තබා ගැනීමට ජනතාව තුළ ඇති කැමැත්ත යි. මෙයට කාසි හා නෝට්ටු ඇතුළත් වේ.

ජනතාව මුදල් ලඟ තබා ගන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට හෝ මූල්‍ය වත්කම්වල ආයෝජනය කිරීමට යි. මේ නිසා මුදල්වලට ඇත්තේ ව්‍යුත්පන්න හෙවත් වක්‍ර ඉල්ලුමකි.

ජෝන් මේනාඩ් කේන්ස් නැමැති ආර්ථික විද්‍යාඥයා “සේවා නියුක්තිය, පොළිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය” නැමැති කෘතියෙන් මුදල් ඉල්ලුමට නව වචනයක් ලෙස ‘ද්‍රවශීලතාවරණය’ නැමැති වචනය භාවිතයට ගෙන ඇත. ඔහුට අනුව මුදලට ඇති ඉල්ලුම චේතනාවන් තුනක් යටතේ සිදුවේ.

  1. ගනුදෙනු චේතනාව
  2. ආරක්ෂණ චේතනාව
  3. සමපේක්ෂණ චේතනාව

ඉහත චේතනා යටතේ මුදලට ඇති ඉල්ලුම පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම්, ඒ මත ක්ලික් කරන්න.

Scroll to Top