මුදල් නිර්වචනය කිරීම සිදු කරන්නේ මුදලේ කාර්යයන් මුල් කරගෙන යි.
හුවමාරු මාධ්‍යයක්, වටිනාකමේ සන්නිධියක්, ගිණුම් ඒකකයක් හා විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් ක්‍රියා කරයි. එසේ ම මෙවැනි කාර්යයන්හි දී පොදු පිළිගැනීමක් තිබීම ද අත්‍යාවශ්‍ය කරුණක් වේ.
හුවමාරු මාධ්‍යයක කාර්යය ගෙන ” හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑ ම දෙයක් “මුදල් ලෙස සරල ව නිර්වචනය කළ හැක.
එසේ ම වටිනාකමේ සන්නිධි කාර්යය ද අනෙකුත් කාර්යයන් ද ගෙන මුදල් නිර්වචනය කළ හැක.
මුදල් යන්නට පුළුල් නිර්වචනයක් මෙසේ ඉදිරිපත් කළ හැක.
“හුවමාරු මාධ්‍යයක්, වටිනාකමේ සන්නිධියක්, ගිණුම් ඒකකයක් හෝ විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන පොදුවේ පිළිගනු ලබන ඕනෑ ම දෙයක් මුදල් ලෙස හඳුන්වයි”
එය තවත් සරල කර පහත පරිදි ඉදිරිපත් කළ හැක.
“මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටුවන පොදු පිළිගැනීමකින් යුත් ඕනෑ ම දෙයක් මුදල් ලෙස හඳුන්වයි”