මානව ශිෂ්ටාචාරයේ මුල් අවධියේ දී මිනිසුන් තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන් විසින් ම නිපදවා ගැනීමට උත්සුක විය. එලෙස තමාට නිපදවා ගත නොහැකි භාණ්ඩ වෙතොත්, තමා නිපදවූ භාණ්ඩයක් ලබා දී ඒවා තවකෙකුගෙන් ලබා ගනී.
නිදසුනක් ලෙස ගොවියෙක් තමාට අවශ්‍ය උදැල්ලක් ලබා ගැනීමට කම්මල්කරුට වී ලබා දීම පෙන්වා දිය හැක.
මෙලෙස භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වූ ආර්ථික ක්‍රමයක් භාණ්ඩ හුවමාරු අර්ථික ක්‍රමයක් ලෙස හඳුන්වයි. බාටර් ක්‍රමය හෝ බාටර් ආර්ථිකය ලෙස හඳන්වන්නේ ද භාණ්ඩ හුවමාරු ක්‍රමය ම ය.
භාණ්ඩ හුවමාරු ක්‍රමය සාර්ථක වීමට නම්, හුවමාරුවට සම්බන්ධ වන දෙපාර්ශවයේ ම වුවමනාවල ගැලපීමක් හෙවත් වුවමනාවන්ගේ ද්වික සමපාතයක් ඇතිවිය යුතු ය.
සෑම විට ම වුවමනාවන්ගේ ද්වික සමපාතයක් ඇති නොවන බැවින්, මුදල් බිහි විය.
භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා කිහිපයකි.
- සෑම විට ම වුවමනාවන්ගේ ද්වික සමපාතයක් ඇති නොවීම.
- ඇතැම් භාණ්ඩ කුඩා කොටස්වලට බෙදිය නොහැකි වීම.
- ධනය රැස් කිරීම අපහසු වීම.
- සම්මත හුවමාරු අනුපාත නොතිබීම.
- ප්‍රවාහන හා ගබඩාකරණය අපහසු ය.
භාණ්ඩ හුවමාරු ක්‍රමයේ අවාසි පමණක් නොව, ඇතැම් වාසි ද පවතී.
- ජාත්‍යන්තර වෙළෙඳාමට සුදුසු සරල ක්‍රමයකි.
- භාණ්ඩ නාස්තියක් සිදු නොවේ.
- ආර්ථික බලය කිසියම් එක් කොටසක් අතට පත් නොවීම.